Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

තුන්වැනි සැමියා සමග යද්දී දෙවැනි සැමියා අතින් මරුදුටු 23 හැවිරිදි කත.
යතුරු පැදියකින් ගමන්කරමින් සිටි 23 හැවිරිදි එක්දරු මවක් පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් උඩවලව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව ඊයේ රාත්‍රී 11ට පමණ තවත් පුද්ගලයකු සමග යතුරුපැදියකින් උඩවලව තණමල්විල මාර්ගයේ ගමන් කරමින් සිට තිබෙනවා. ඒ කාන්තාවගේ තුන්වන සැමියා සමග බවයි වාර්තා වන්නේ. සවීනා මදුෂානී නමැති මියගිය කාන්තාවට පිහියෙන් ඇන ඇත්තේ ඇයගේ දෙවැනි සැමියා බවයි පැවසෙන්නෙ.

17 වැනි වියේදී මුලින්ම විවාහ වී ඇති මෙම කාන්තාවට 05 හැවිරිදි පිරිමි දරුවෙකුද සිටිනවා. මියගිය කාන්තාව රිය අනතුරකට ලක්වූ බව පවසමින් රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නෙ.


මරණයට සැකපිට පිහි පහර එල්ල කළ පුද්ගලයා සහ යතුරු පැදිය පැදවූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live