ආණ්ඩුව ඒකාධිපති බලය පාවිච්චි කරමින් නීති සකස් කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට හා සෞඛ්‍ය සේවාව දැවැන්ත අර්බුදයකට ඇද දැමීමට එරෙහිව අද (13) සෞඛ්‍ය සේවාවේ සිටින සියලූම වෘත්තීය සමිති, වෛද්‍ය ශිෂ්‍යයින් සහ අනෙකුත් වෘත්තිය සමිති ද සම්බන්ධ කරගනිමින් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වුවා.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිලබන සිසුන් හට රජයේ රෝහල්වලින් සායන පහසුකම් ලබාදීමට මේ වන විට නීති සකස්කරමින් සිටින අතර එය වහා නැවැත්විය යුතු බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමා එය
රජයට පවරා ගත යුතු බවත් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරනු ලබන මුදල වැඩිකිරීමට කටයුතු කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් මෙම උද්ඝෝෂණ පෙළපාලිය පැවැත්වුණු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක් එක් වී සිටියා.