Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මරාගෙන මැරෙන ඇඳුම්වල 'ඇත්ත හිමිකරු ගැන' කතාව මෙන්න (PHOTOS) 

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරණ  ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කලක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති බව වාර්තා වනවා.
මේ අතර ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ යුද සමයේ සැඟවූ සහ අත්හැර දමා ගිය පුපුරණ ද්‍රව්‍ය සහ යුද උපකරණ යුද්ධය පැවති ප්‍රදේශවලින් හමු වීම සාමාන්‍ය තත්වයක් බව යි.

"යුධ සමයේ තැන්වල දමා ගිය ඒවා පසුගිය කාලයෙත් හමු වුණා. දැනුත් හමු වෙනවා. බුද්ධි අංශ හා ආරක්ෂක හමුදා ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වනවා." යයි ආරක්ෂක ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.



කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වෙමින් පවතින බවට සැක මතු වන බවයි ඉහත කී සොයා ගැනීම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.


ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවන් සිද්ධියක් යොදා ගනිමින් ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ගැට‍ළුවක් ඇති බව මවා පෑමට යමෙක් උත්සාහ කරන්නේ නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම පුද්ගලයා සතු අවබෝධය පිළිබඳ ගැට‍ළුවක් මතු වන බවයි.




Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live