Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පසුගිය දිනවලදී රත්නපුර බස් නැවතුම්පොළ ආසන්නයේදී කාන්තාවකට පහර දුන් බව කියන පොලිස් සැරයන්  ඊයේ (12) යළි සේවයට කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.


1994 දී විවාහ වූ තමා දෙදරු මවක්‌ බවත්, විවාහක සැමියාගෙන් වෙන්වී සිටින තමා ජීවනෝපාය වශයෙන් ලිංගික සේවා වෘත්තියෙහි යෙදෙන බවත් පොලිස්‌ නිලධාරියා තමාට පහර දුන්නේ මුදල් ගෙවීමක්‌ නොකර තමා සමඟ ලිංගික ඇසුරකට ඔහු කළ ඉල්ලීමට තමා ප්‍රතික්‌ෂේප කළ බව සදහන් කරමින් පසුගියදා රත්නපුර නගරයේදී ප්‍රසිද්ධියේ පහරකෑ "බට්ටි" නැමැති කාන්තාව රුපියල් කෝටි පහක මුදලක්‌ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ද ගොනු කලා.
පහර දුන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීම හේතු කොටගෙන පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.
උද්ඝෝෂණයේ නිරත වූවන් සදහන් කලේ ,වැඩ තහනමට ලක්වු පොලිස් සැරයන්වරයාට නැවත වැඩ ලබා දීම සිදු කල යුතු බවයි.එහි ඇත්ත සිදු වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව නොමැති අතර සමාජ වෙබ් අඩවි වල පල වූයේ ඉන් කොටසක් පමණක් බවත්ය.
කෙසේ නමුත් අද වන විට අපේ රටේ ගැහැණියට අත්වී ඇති ඉරණම මෙයින් තහවුරුවේ.එදා බට්ටී "අනේ සර් මට ගහන්න එපා " යනුවෙන් ප්‍රකාශ කලද පොලිස් සැරයන්වරයා ඇයට පහර දුන්නේ බැල්ලියකට පහර දෙන ලෙසයි.මිනිසුන් අතින් වැරදී සිදුවීම සාමාන්‍ය දෙයකී.කුමන ආකාරයේ වැරැද්ද සිදු කලත් කාන්තාවකට පොලිස් නිළ ඇදුමෙන් සැරසුණු අයෙකු අමානුෂික ලෙස පහර දීම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම කල අපහාසයකි.මානව අයිතිවාසිකම් ,කාන්තා අයිතිවාසිකම් මහා ලොකුවට කෑ ගහන අපේ රටේ පිරිස බට්ටිට පහර දූන් දවසේ නිදියගෙන සිටියාද යන්න අපද දැන ගැනීමට කැමැත්තෙමු.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live