Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


හර්ෂණ – වොල්ගා පෙම්වතුන් බව දැන් දැන් කවුරුත් දන්නවා. පෙම්වතුන් වී කලක් යන තුරු ඒ ගැන දෙදෙනාගෙන්ම හරි උත්තරයක් දැන ගන්නත් එතරම් පහසු වුණේ නැහැ. නමුත් දැන් මේ පෙම් කතාව වසන් කරන් හිටපු කාලයට සමු දෙන්නයි දෙදෙනාගේ සූදානම.

” අපිට ඇත්තටම හංගන්න වුවමණාවක් තිබුණේ නැහැ. නමුත් විවාහය කියන එකට වටිනා කමක් දෙන්න එපැයි. යාළු වුණු ගමන් අණ බෙර ගහලා හැම මාධ්‍යකම අපි ගැන විස්තර කියලා පස්සේ අවුරුදු කිහිපයකින් අපි විවාහ වෙන දවස් ළං වෙද්දි එහි තිබිය යුතු නැවුම් බව ගිලිහිලා ගිහින්. ඉතින් අපිට අවශ්‍ය වුණේ ඒ විවාහ වෙන දවසට අලුත් මනාලයා හා මනාලියට නැවුම් බවක් වගේම වටිනා කමක් එකතු කරන්න.

මේ වසරේ මැද වගේ විවාහ වෙන්නයි අපි හිතන් ඉන්නේ. ඒත් කිසි සුදානමක් නැහැ. දැන් තමයි ටික ටික වැඩ පටන ගන්න යන්නේ. කොහොමත් අපේ ලොකු ලොකු දේවල් නැහැ. නෑදැයෝ සහ ෆීල්ඩ් එකේ යාළුවෝ එකතු කරගෙන අවශ්‍ය සිරිත් විරිත් කරලා සතුටු වෙනවා.

අපේ සම්බන්ධය පටන් ගත්තේ හරියටම 2012 සැප්තැම්බර් 27 දා. ඒ කියන්නේ දැන් අපි පෙම්වතුන් වෙලා වසර තුනක් විතර. මීට අවුරුදු 16 කට විතර කලින් තමයි මට හර්ෂණව මුණ ගැසෙන්නේ. හැබැයි ඒ කාලේ කතා කළේ නම් හර්ෂණ අයියේ කියලා. මම රූපවාහිනියේ අතුරු මිතුරු ළමා වැඩසටහන කරද්දි ඔහු මුතු හර ළමා වැඩසටහන කළා. ඊට පස්සෙත් වෙනත් නාළිකාවක අප බොහො අවස්ථාවල එකට වැඩ කරලා තියෙනවා.

පවුල් ජීවිතයට අපි දෙදෙනා මුල් තැන දෙනවා. යම් කාලෙකදි වොල්ගාට රංගනයේ පොඩි කොමාවක් තියන්න වෙයි. හැබැයි ක්ෂේත්‍රයෙන් සමු ගන්න කවදාවත් හිතලා නැහැ.”








Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live