Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අකුරැස්සේ ඉන්ධන පිරවුම්හලකින් නිල්වලා ගඟට ඉන්ධන කාන්දුවීම නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුමට අද (16) බාධා එල්ල වුණා. පෙරවරුවේ අකුරැස්ස ඉන්ධන පිරවුම්හලක  භූ ගත ටැංකියකින් ඩීසල් කාන්දු වූ අතර ඒවා මිශ්‍ර වුණේ නිල්වලා ඩීසල් ගඟටයි.
එම නිසා, අකුරැස්ස, බලකාවල, කද්දූව සහ මාතර - නාඳුගල පොම්පාගාර තුනෙහි ජලය පොම්ප කිරීමේ කටයුතු අත්හිටවූ අතර ඒ හේතුවෙන් ජල පවිත්‍රාගාරවල වැඩකටයුතු ද ඇණ හිටියා.

භූ ගත ටැංකියෙහි ඩීසල් ලීටර් 25,000ක් තිබී ඇති අතර, ඉන් ලීටර් 13,000ක් පමණ නිල්වලා ගඟට  කාන්දු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර, මෙම තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ මාතර ප්‍රාදේශීය කළමනාකරු එස්.කේ සමන්ත කුමාර ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුම්හල අවට පිහිටි පානීය ජලය ලබා ගන්නා ළිං කිහිපයක ද කාන්දු වූ ඉන්ධන පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු අමිල රංගන හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ ඩීසල් ලීටර් 5000ක ප්‍රමාණයක් නිල්වලා ගඟට කාන්දු වීම වැළැක්වීමට හැකිවූ බවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live