Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දෙමටගොඩ - මවුන්ට්මේරි ප්‍රදේශයේ කහ ඉරක් මතදී මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්කළ රිය අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව ගැටලූ පවතින බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.


ඔවුන් සඳහන් කළේ අනතුර සිදුවී පැය කිහිපයකට පසුව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලූ පවතින බවයි.

මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන බැවින් කලක සිට එම ප්‍රදේශයට මාර්ග සංඥා පුවරුවක් සවිකරන ලෙසට බලධාරීන්ට දැනුම් දී තිබුණත් එය මෙතෙක් ඉටු වී නොමැති බවටද ප්‍රදේශවාසීන් චෝදනා කළා.

පෙරේදා (16) රාත්‍රී 8 යි 50ට පමණ බේස්ලයින් මාර්ගයේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ පාර මාරුවීමට ගිය 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දස හැවිරිදි කුඩා දියණියයි.

ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුරෙන් පසු පළා ගිය පාසල් සිසුවා දෙමටගොඩ පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

 ඊට පෙර පොලීසියට වෙනත් අයෙකු භාරවී තිබූ අතර, ඊට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධයත් සමඟ දෙමටගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද මතුවුණා.

පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනුනේ මෝටර් රථය පැදවීමට ඔහුට අවස්ථාව ලබාදීම හේතුවෙන්.

මෙම පාසල් සිසුවා ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහුගේ මව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ මේ මස 25 වනදා දක්වායි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live