ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
ඉන්න සුපිරිම සුපිරි ක්‍රීඩකයෙක් තමා තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ. ලංකාව
ක්‍රිකට් ඉතිහාසය විතරක් නෙමේ ලෝක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කළ ක්‍රීඩකයෙක්
ලෙස තිලකරත්න ඩිල්ෂාන්ව හඳුන්වා දෙන්න පුළුවන්. අපි එහෙම කියන්නේ ක්‍රිකට්
පොත වෙනස් කළ “ඩීල් ස්කූප්” එක නිසා. දන්නවනේ ඒ පහරට නම තිබ්බෙත් ඔහුගේ නමේ
කොටසක් අරන් කියලා. මොකද ඒ පහර ඔහු තමා ක්‍රිකට්වලට අරන් ආපු නිසා.
ඉතින් මේ සුපිරි ක්‍රීඩකයාට නවසීලන්තය එක්ක තිබ්බ අවසාන විස්සයි විස්ස
තරඟයෙන් පස්සේ පොඩි ඇබැද්දියක් සිද්ධ වුණා. ඒ මේ මැච් එක බලන්න ආපු
ප්‍රේක්ෂකයෙක් නිසා. ඒ ගැන ගොසිප් කිංග් අපි තමා පළවෙනියටම කිව්වේ කියලා
ඔයාලට මතක ඇතිනේ. ඒ ගැන මතක් කරගන්න ඕනෙම නම් මෙතනින් බලන්නකෝ ඒ විස්තරේ ගැන.
නවසීලන්තයේ ඉඳලා අද උදේ පාන්දරම ලංකාවට ආපු ඩිල්ෂාන් සමඟ කතා බහා කරන්න අවස්ථාවක් ගොසිප් කිංග් අපිට හම්බුණා.
ඩිල්ෂාන්ට එදා මැච් එකේ වෙච්ච දේ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන විස්තර අපි
ඇහුව්වා. ඒ හැම ප්රශ්නෙකෙටම ඩිල්ෂාන් දුන්න උත්තර දුන්නේ මෙන්න මෙහෙමයි.
01. නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකද වුනේ ?
මේ සංචාරය තමා නවකයෝ ගොඩක් සෙල්ලම් කළේ. නවසීලන්තය කියන්නේ හොඳ
කණ්ඩායමක්. ඉතින් අපෙන් අතපසුවීම් වුණා. නමුත් අපේ කණ්ඩායම හොඳයි. ලෝක
කුසලානයට කළින් අපිට වැරදි හදා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ඉදිරියේදී
හොඳ කණ්ඩායමක් අපිට හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
02. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඊට සුදුසු ද ?
ඔව් මම හිතනවා සුදුසුයි කියලා. අර මම කිව්වා වගේම වැරදි හදාගත්තාම මේක හොඳ කණ්ඩායමක් වෙයි
03. කුසල් ජනිත්ට සිදුවූ දේ ගැන ඩිල්ෂාන්ගේ අදහස මොකක්ද ?
ඇත්තටම කුසල්ට සිද්ධ වුණ දේ ගැන මටත් කණගාටුයි. වයින් විදුරුවක්වත්
බොන්නේ නැති ක්‍රීඩකයෙක් ඔහු. ඒ වගේ කෙනෙකුට එහෙම දෙයක් සිද්ධ වුණා කියන්නේ
හරිම පුදුමයි.
04. නවසීලන්ත කණ්ඩායම සමග තිබ්බ අවසන් තරගයේදි ප්‍රේක්ෂකයෙක් සමග මොකක්ද ඇති වුනු වචන හුවමාරුව ?එක ගැන
ඇත්තටම හරිම කණගාටුයි. ලංකාවේ එහෙට ගිය අයට තමන්ගේ මව් භාෂාවත් අමතක වෙන එකේ ඕක සාමාන්‍ය දෙයක්.
අපි තවත් ප්‍රශ්න ඇහුවා ඩිල්ෂාන්ගෙන්. ඒ ඔක්කම මේ වීඩියෝ ඒකෙන් බලන්න..