Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රියකින් තරුණයකු පැහැරගෙන යාම පිළිබඳව සමාජ බල ගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යට තම අදහස් මෙසේ පලකොට තිබෙනවා.“දෙමටගොඩදී තරුණයෙක්‌ පැහැරගෙන යැමේ සිද්ධියට හිරුණිකා සම්බන්ධ බව මුළු රටම දන්නවා. ඒත් පොලිසිය එයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. පොලිසිය දේශපාලනඥයන්ට තාමත් බයයි. යහපාලන ආණ්‌ඩුව දොවා ගත්ත කිරි කළයට හිරුණිකා ගොම එකතු කළායහපාලන ආණ්‌ඩුව හදන්න අපි ගොඩක්‌ වෙහෙසුණා. ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කළා. එදා දේශපාලන වේදිකාවෙදි හිරුණිකා සුදු වෑන්වලට විරුද්ධව කෑගැසුවා. ඒත් බලයට ආවට පස්‌සෙ එයාලා කළු ඩිෆෙන්ඩර් දාලා මිනිස්‌සු අරගෙන යනවා. මේක වැරදි වැඩක්‌. වරදක්‌ කළා නම් මම වුණත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ පැහැර ගැනීම වෙන අහිංසක මිනිහෙක්‌ කළා නම් ඒ මිනිහා මෙලහකට හිරෙත් ගිහිල්ලා.පසුගිය ආණ්‌ඩුව කාලේ පොලිසිය දේශපාලනඥයන්ට පුදුම බයක්‌ දැක්‌වූවා. ඒ බය තවමත් පොලිස්‌ නිලධාරීන්ගෙන් මැකී ගිහින් නැහැ. යහපාලන ආණ්‌ඩුව යටතේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වරදක්‌ කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමැති කියලා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. එහෙම වුණොත් අපි දුක්‌ මහන්සියෙන් ගොඩනගපු යහපාලනයෙන් වැඩක්‌ නැහැ.“හිරුණිකාගේ ආරක්‌ෂකයො එයාගෙ ඩිෆෙන්ඩර් එකෙන් ගිහින් තරුණයෙක්‌ පැහැරගත්ත හැටි මුළු රටම සී. සී. ටී. වී. කැමරාවලින් දැක්‌කා. පොඩි දරුවෙක්‌ අධිකරණයේ සාක්‌කි දුන්නා. හිරුණිකා මේ තරුණයාට තර්ජනය කළා කියලා. ඒත් පොලිසිය කියනවා හිරුණිකා අල්ලන්න සාක්‌ෂි නැහැ කියලා. මේක මහ ලැඡ්ජා නැති වැඩක්‌. හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යහපාලන ආණ්‌ඩුවට වෙච්ච කැළල සදාකාලික එකක්‌ වෙනවා"
දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රියකින් තරුණයකු පැහැරගෙන යාම පිළිබඳව සමාජ බල ගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යට තම අදහස් මෙසේ පලකොට තිබෙනවා. 
 
“දෙමටගොඩදී තරුණයෙක්‌ පැහැරගෙන යැමේ සිද්ධියට හිරුණිකා සම්බන්ධ බව මුළු රටම දන්නවා. ඒත් පොලිසිය එයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. පොලිසිය දේශපාලනඥයන්ට තාමත් බයයි. යහපාලන ආණ්‌ඩුව දොවා ගත්ත කිරි කළයට හිරුණිකා ගොම එකතු කළා
 
යහපාලන ආණ්‌ඩුව හදන්න අපි ගොඩක්‌ වෙහෙසුණා. ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කළා. එදා දේශපාලන වේදිකාවෙදි හිරුණිකා සුදු වෑන්වලට විරුද්ධව කෑගැසුවා. ඒත් බලයට ආවට පස්‌සෙ එයාලා කළු ඩිෆෙන්ඩර් දාලා මිනිස්‌සු අරගෙන යනවා. මේක වැරදි වැඩක්‌. වරදක්‌ කළා නම් මම වුණත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ පැහැර ගැනීම වෙන අහිංසක මිනිහෙක්‌ කළා නම් ඒ මිනිහා මෙලහකට හිරෙත් ගිහිල්ලා.
 
පසුගිය ආණ්‌ඩුව කාලේ පොලිසිය දේශපාලනඥයන්ට පුදුම බයක්‌ දැක්‌වූවා. ඒ බය තවමත් පොලිස්‌ නිලධාරීන්ගෙන් මැකී ගිහින් නැහැ. යහපාලන ආණ්‌ඩුව යටතේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වරදක්‌ කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමැති කියලා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. එහෙම වුණොත් අපි දුක්‌ මහන්සියෙන් ගොඩනගපු යහපාලනයෙන් වැඩක්‌ නැහැ.“
 
හිරුණිකාගේ ආරක්‌ෂකයො එයාගෙ ඩිෆෙන්ඩර් එකෙන් ගිහින් තරුණයෙක්‌ පැහැරගත්ත හැටි මුළු රටම සී. සී. ටී. වී. කැමරාවලින් දැක්‌කා. පොඩි දරුවෙක්‌ අධිකරණයේ සාක්‌කි දුන්නා. හිරුණිකා මේ තරුණයාට තර්ජනය කළා කියලා. ඒත් පොලිසිය කියනවා හිරුණිකා අල්ලන්න සාක්‌ෂි නැහැ කියලා. මේක මහ ලැඡ්ජා නැති වැඩක්‌. හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යහපාලන ආණ්‌ඩුවට වෙච්ච කැළල සදාකාලික එකක්‌ වෙනවා" 
04 copy
- See more at: http://offair.nethfm.com/article/31621#sthash.GxTSmREq.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live