Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

කොකා-කෝලා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගුයි

කොකා-කෝලා සමාගමට ලබාදී තිබුන පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකොට ඇතැයි වාර්ථා වේ. පසුගිය සඳුදා පොළව යටින් යන ඩීසල්  නලයකින් ඉන්ධන කාන්දු වී ඒවා කැළනි ගඟට මුසුවීම මෙයට හේතුව වී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර ප්‍රකාශ කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මෙම සිද්ධියෙන් සිදුවූ අති විශාල පාරිසරික විනාශය සම්බන්ධයෙන් දැඩිව සැලකිල්ලට ගන්නා ලද බවයි. “අපි සමාගමට දැනුම් දුන්නා මේ සිදුවෙච්ච හානිය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා තෙක් පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කරන බව.” එහු තවදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කොකා-කෝලා සමාගම ප්‍රකාශ කරන්නේ එම සිද්ධියේ වගකීම තමුන් භාරගන්නා බවත්, මින් ඉදිරීයේ දී මෙවැනි සිද්ධීයක් ඇති වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරාලීමට කටයුතු කරන බවත්ය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live