Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

 වසර තුනකට පෙර ඝාතනයට ලක්වූ සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ ඉල්ලීම මත ඔහුගේ මෘත දේහය අද (10) යළි ගොඩගැනීමට නියමිතව තිබුණත් එම මෘත දේහය එම ස්ථානයේ තිබේද නැද්ද, වෙනත් දේහයක් දමා තිබේද යන සැකය රහස් පොලිසියට ඇතිවී තිබේ.
තාජුඞීන්ගේ මරණය මිනීමැරුමක් ලෙසට මේ වන විට කරුණු අනාවරණය වී තිබියදී එදා එම පරීක්ෂණ යට ගැසීමට කටයුතු කළ පිරිස් තාජුඞීන්ගේ මෘතදේහයද විනාශ කිරීමට ඉඩ තිබූ බවට දැන් දැන් සැක පහළ වී ඇත.
තවද තාජුඞීන්ගේ මළ සිරුර වළදැමූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදුනේ මීට සති දෙක තුනකට පෙරය. ඒ රහස් පොලිස් පරීක්ෂණ ආරම්භවී යළි එම සිරුරු ගොඩගැනීමට තීරණයවීමෙන්ද පසුවය.

ඊට පෙර වසර තුනක් තිස්සේ ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නොවීය. තාජුඞීන්ගේ ඝාතකයන්ට මෙම අභිරහස යළි හෙළි නොවීමට බොහෝවිට සිරුරද විනාශ කිරීමට හෝ අස්ථාන ගත කිරීමට ඉඩ තිබූ බව රහස් පොලිසිය සැක කරයි.
කෙසේ වුවද අද එම සිරුර යළි ගොඩගැනේ. ඒ සඳහා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අවසරය ලැබී ඇය. ඊට අවශ්‍ය සියලූ‍ කටයුතුද ඒ සඳහා කැඳවිය යුතු පිරිස්ද කැඳවා තිබේ. යම් ආකාරයකින් මෙම තාජුඞීන්ගේ සිරුර එහි නොතිබුණොත් පරීක්ෂණ කටයුතු එය අතුරුදන් කළ අය වෙත යොමුවනු ඇත.
මෘත දේහය තාජුඞීන්ගේමද යන්න හඳුනාගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන් හා ක‍්‍රමෝපායන්ද යොදා තිබේ.
අද මෙම ස්ථානයට විශාල පිරිසක් රැුස්වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර බාධාවකින් තොරව එම කටයුතු කර ගැනීම සඳහා සම්පූර්ණ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
තාජුඞීන්ගේ මෘත ශරීරය ගොඩගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා එය යළි පරීක්ෂණ කෙරෙන ස්ථානය වෙත ගෙන යනු ලැබේ. එය තැන්පත් කර තබන ස්ථානයටද ආරක්ෂාව යොදා ඇත.
තවද මේ අතර මොහොමඞ් වසීම් තාජුඞීන් නමැති අති දක්ෂ රගර් ක‍්‍රීඩකයාගේ ඝාතනය සිදුකළේ යැයි සැකකෙරෙන ප‍්‍රකාශ ඇතුළත් පටිගත කළ හඬ පටයක් රහස් පොලිසිය වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.
තාජුඞීන්ගේ ඝාතනයට පෙර ඔහුගේ ජීවිතයට ඉදිරියේදී යම් අනතුරක් සිදුවීමට ඉඩ ඇතිවන ආකාරයේ වචන ඇතුළත් එම හඬ පටය දුරකතන සංවාදයක් හරහා සිදුවූ එකක් බව කියන අතර තාජුඞීන්ගේ සමීපතම හිතවතකුගෙන් හෝ හිතවතියක මඟින් එය රහස් පොලිසියට ලැබී ඇති බව එම තොරතුරු අනාවරණය කරයි. එය බොහෝ විට ඝාතකයා සොයා ගැනීමට ප‍්‍රබල සාක්ෂියක් වනු ඇතැයිද විශ්වාස කෙරේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live