Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

වසීම්ගේ මරණය ගැන නාරාහේන්පිට පොල්ස්ථානාධිපති ලබා දුන් බොරු වාර්ථාව මෙන්න

තජුඩීන්ගේ මරණය පිළිබඳව මහින්ද රාජපක්ෂලාගේ කීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියන් පෙරේරා විසින් ලබාදී තිබුන බොරො පොලිස්වාර්ථාව මේවන විට අප අතට පත්ව තිබේ.
වසීම් තජුඩීන්ගේ සහ යෝෂිත රාජපක්ෂගේ එවකට සිටි පෙම්වතිය වූ යසාරා අබේනායකගේ අතර ඇතිවූ ප්‍රශ්නයක් දුරදිගයාම හේතුවෙන් වසීම්ව ඝාථනය කරන ලද බවට එවකට චෝදනා එල්ල වුවද එවක රජයේ බලපෑම මත මෙම පරීක්ෂණ වැඩි දුර නොගොස් පැය24ක් ඇතුලත පොලිස් පරීක්ෂණ පමණක් සිදුකොට රිය අනතුරක් ලෙසට නිගමනය කර පරීක්ෂණ අවසන් කර දැමීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ වීමත් සමඟ පසුගිය සතියේ අධිකරණ වෛද්‍ය වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ තත්වය කණපිට හැරුනේ, වසීම් තජුඩීන් සත්‍යවශයෙන්ම වදදී ඝාතනය කොට තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් වාර්ථා කිරීමත් සමඟයි.
මෙහිදී ඇතිවන ගැටළුව නම් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ඩේමියන් පෙරේරා මෙම මරණය රිය අනතුරක් ලෙස නිගමණය කර පැය 24ක් ගතවන්නටත් පලමුව අධිකරණ වෛද්‍ය වාර්ථාව හෝ රස පරීක්ෂක වාර්ථාව නිකුත් වීමටත් ප්‍රථමයෙන් මෙය රිය අනතුරක් ලෙසට අර්ථගන්වා පොලිස් වාර්ථාවක් සකස්කරන්නේ කුමක් නිසාද යන්නයි. එමෙන්ම වසීම්ගේ ගිනිගත් කාරය පොලිසිය සොයාගත්තේ අළුයම්වන වියටි නමුත් මෙම වාර්ථාවේ දැක්වෙන පරිදි කාරයක් ගිනිගන්නා බව රාත්‍රී 12.00 පමණ 119ට දැනුම් දුන්නායයි කියන පුද්ගලයින්ගේ ඇමතුමට ගිණි නිවන හමුදාව හෝ පොලීසිය ක්‍රියාත්මක නොවුනේ ඇයිද යන්න තවත් ගැටළුවකි. එමෙන්ම රසපරීක්ෂක වාර්ථාව පැමිණීමට ආණ්ඩුව වෙනස්වන තුරුම සිටිය යුතු වීම ද විශාල ගැටළුවකි.
ඩේමියන් පෙරේරා මෙම අවස්ථාවේදී සිදුකළ ඇත්තේ බරපතල වරදක්වන අතර, මෙය මිනීමැරුමක් ලෙස රසපරීක්ෂක වාර්ථාවේ දක්වා තිබීම තුල ඔහු මෙම අවස්ථාවේදී මෙම මිනීමැරීම සිදුකළ පුද්ගලයා වස්න් කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත්කරමින් අධිකරණය නොමඟයැවීමට කටයුතු කිරීම තුල තවත් බරපතල වරදක් සිදුකර ඇත. නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරීන් මේ ආකාරයට අපරාධකාරයන් ආරක්ෂා කිරීමට අනුබල දීම විශේෂයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ඩේමියන් පෙරේරා වැනි පුද්ගලයෙකු කටයුතු කිරීම නීතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීමට ප්‍රභල හේතුවකි.
මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනවා මෙන්ම ඩේමියන් පෙරේරාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විශේෂ පොලිස් පරීක්ෂණයක් සිදුකොට ඔහුට දඬුවම් ලබා දියයුතුව ඇත.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live