Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපතිවරණය ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙන ලබන 5වන දින රාත්‍රියේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම රූපවාහිනී නාලිකාවලින් විකාශනය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා සහභාගී වන රූපවාහිනී සංවාද වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබේ.
මෙය මහනුවර ජනාධිපති මන්දිරයේදී වීඩියෝ ගත කෙරෙන බව වාර්තා වේ. එක් රූපවාහිනී නාලිකාවකට මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා වෙත ප්‍රශ්න 10ක් යොමු කරන ලෙස දන්වා ඇත. එම ප්‍රශ්න අතුරින් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තෝරා ගන්නා ප්‍රශ්න පමණක් අදාළ රූපවාහනී නාලිකාවේ නිවේදක, නිවේදිකාවන් ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීමට නියමිතය.

මේ ආකාරයෙන් පටිගත කරන වැඩසටහන පස්වෙනි දින රාත්‍රියේ සියලූම රූපවාහිනී නාලිකා හරහා එකවර විසිරුවා හැරීමට නියමිතය. මේ අනුව අනෙකුත් කිසිදු අපේක්ෂකයකුගේ හෝ අනෙකුත් කිසිදු පක්ෂයකට රූපවාහිනී මාධ්‍යයේ අවකාශ නොදෙන ලෙස මෙය සැලසුම් කර තිබේ. මේ අනුව අවසන් මොහොතේ රූපවාහිනී ප්‍රචාරයේ වාසිය ඒකපාර්ශවිකව මහින්ද රාජපක්ෂ මහතා වෙත පමණක් ලබා ගැනීම මෙම කුමන්ත්‍රණකාරී සැලැස්මේ අරමුණ වී තිබේ.
පළාත් සභා සහ වෙනත් මැතිවරණවලදී ජනපති ජනහමුව නමින් මේ ආකාරයට රූපවාහිනී නාලිකා සියල්ල යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරයේ යෙදින. එහෙත් මෙවර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයකු වන බැවින් මෙය නීති විරෝධී ක්‍රියාවක්ද වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live