Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ශ‍‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට විදෙස් රටවල නායකයින්ගෙන් ද සුභාශිංෂන පළ වනවා.
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා පවසන්නේ සමස්ත අමෙරිකානු ජනතාව වෙනුවෙන් තමන් මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට
සුභාශිංෂන පළ කරන බවයි.
ගැටුම්වලින් තොරව සරල බල හුවමාරුවක් සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. ශ‍‍්‍රී ලංකාව ඉකුත් ජනාධිපතිවරණය පැවැත් වූ ආකාරය ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය අගය කරන ලෝකයේ සෙසු රටවලට ද ආදර්ශයක් බවයි වැඩිදුරටත් ප‍‍්‍රකාශ කෙරෙන්නේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර නිරීක්ෂකයින්ට ද නිදහසේ සිය කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබුණා. සෑම ජනවර්ගයකටම අයත් ඡන්ද දායකයින්ට ස්වාධීනව සහ සාමකාමීව
ඡන්දය ප‍‍්‍රකාශ කිරීමට ද හැකි වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ. අවසානයේදී සියලූ පාර්ශ්ව මහජන මතයට ගෞරවනිය ලෙස හිස නැමූ බවද එහිදී සිහිපත් කෙරුණා.
නව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ‍‍්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද
බැරක් ඔබාමා මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍‍්‍රකාශකයෙකු වන සෙයිඕ අක්බරුදීන් මහතා ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ද ශ‍‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
ඔහු කියා සිටියේ අග‍‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි මහතා පළමුව දුරකථනයෙන් අමතමින් ද පසුව ලිපියක් මගින් ද මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කළ බවයි. දෙරට අතර සම්බන්ධතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය අග‍‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍‍්‍රකාශ කර තිබෙනවා. අවස්ථාවක් ලද වහාම ඉන්දියාවට පැමිණෙන්නැයි නරේන්ද‍්‍ර මෝදි මහතා ශ‍‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට ආරාධනාවක් ද කළ බවයි එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍‍්‍රකාශක සෙයිඕ අක්බරුදීන් මහතා වැඩිදුරටත් පැවසුවේ.
මීට අමතරව නව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කරමින් ඉන්දීය අග‍‍්‍රාමාත්‍යවරයා ට්විටර් සටහනක් ද තබා තිබෙනවා. රටේ ස්ථාවරත්වය සහ සාමය පවත්වා ගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් ශ‍‍්‍රී ලංකාවට සහාය දෙන බවයි එහිදී අවධාරණය කර ඇත්තේ.
ඉන්දීය ජනාධිපති ප‍‍්‍රනාබ් මුඛර්ජි මහතා ද ශ‍‍්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කර තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු ප‍‍්‍රකාශ කර ඇත්තේ සාමය තහවුරු කිරීමටත්, සංවර්ධනය හා සෞභාග්‍ය උදා කිරීමටත් මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට ශක්තිය ලැබේවායි තමන් ප‍‍්‍රාර්ථනා කරන බවයි.
චීන ජනාධිපති සී ජීන් පින් මහතා ද ශ‍‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පණිවුඩයක් එවා තිබෙනවා. චීන ජනතාව නියෝජනය කරමින් මෙන්ම තමන් පෞද්ගලිකව ද මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට ආශිර්වාද කරන බවයි චීන ජනාධිපතිවරයා ඉන් ප‍‍්‍රකාශ කර ඇත්තේ. දෙරට අතර පවතින සාම්ප‍‍්‍රදායික මිත‍‍්‍රත්වය අසල්වාසී සෙසු රටවලට ද ආදර්ශයක් බව අදාළ සුභාශිංෂන පණිවුඩයේ සඳහන් වනවා. නව පාලනය යටතේ දෙරට අතර සම්බන්ධතා වඩාත් ඵලදායී ලෙස පුළුල් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද එහි සඳහන්.
මේ අතර යුරෝපා සංගමය වෙනුවෙන් එහි උප සභාපති ෆෙඕරිකා මොග්රිනි මෙනෙවිය නිකුත් කළ සුභාශිංෂන පණිවුඩයක දැක්වෙන්නේ ශ‍‍්‍රී ලංකාව සමග පවතින සම්බන්ධතා නව පාලනය යටතේ තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි. ඉකුත් ජනාධිපතිවරණය පැවැත් වූ ආකාරය සම්බන්ධයෙන් ශ‍‍්‍රී ලංකාවේ වගකිව යුතු සියලූ පාර්ශ්වවලට ප‍‍්‍රණාමය පළ කරන බවද, එහිදී ඡුුන්ද දායකයින් ඉතා වැඩි ප‍‍්‍රමාණයක් ඡන්දය ප‍‍්‍රකාශ කිරීම සතුටට කරුණක් බවද ප‍‍්‍රකාශ වී තිබෙනවා.
බි‍‍්‍රතාන්‍ය අග‍‍්‍රාමාත්‍ය ෙඬ්විඕ කැමරන් මහතා ද නව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කරන තවත් රාජ්‍ය නායකයෙක්. එක්සත් සහ ස්ථාවර රටක් නිර්මාණය කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම කල්පනාකාරීව භාවිත කරන්නැයි ඔහු මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කරනවා.
සී-ෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා ද, නව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සුභාශිංෂන පණිවුඩයක් එවා ඇතැයි සී-ෂෙල්ස් ප‍‍්‍රවෘත්ති සේවය පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති කරගත් දෙරට අතර සම්බන්ධතා නව පාලනය යටතේ වඩාත් ශක්තිමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි සී-ෂෙල්ස් ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් ප‍‍්‍රකාශ කර ඇත්තේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live