Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අයථා ලෙස භාවිත කළ බව කියන වාහන කිහිපයක් පොලීසිය ඊයේ සිය භාරයට ගත්තා. කිරුළපන ප‍්‍රදේශයෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ 4 ක් සොයාගත් බවයි පොලිස් ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඊයේ සවස කිරුලපන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත කිරුලපන ගරාජයක තිබී දෙෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ 4ක් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.
මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසියට තොරතුරු ලබා දුන් පුද්ගලයා සදහන් කලේ මැතිවරණ සමයේදී විවිවධ ආයථා ක්‍රියා සදහා මෙම ජීප් රථ යොදා ගත් බවයි. මෙයින් ජීප් රථ 2ක් රජයට අයත් ඒවා බව හදුනා ගෙන තිබෙනවා.
සැකසහිත තවත් වාහනයක් පෝද්දල ප‍්‍රදේශයෙන් සොයගෙන තිබෙනවා. පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ එම වාහනය මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් බවයි.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live