Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනප්‍රිය වූ නවක නිළි ලෝචනා ඉමාෂි සමග කෙරුණු කතාබහක්.
ලෝචනා මේ දිනවල වැඩිපුර ටෙලි නාට්‍යවල දකින්න නැහැ. ඒ ඇයි?
මේ දවස්වල මම ඉන්න එකම ටෙලි නාට්‍යයි විකාශය වෙන්නේ ඒ ස්වර්ණවාහිනියේ ‘ලොක්කි’ කියන ටෙලි නාට්‍යය. එහි මම රඟපාන්නේ නිරෝෂා කියන චරිතය.
නමුත්, පසුගිය දෙමාසය ගත්තොත් මම රූපවාහිනියේ නිතර දකින මුහුණක් වෙලා හිටියා. ඒ තරමට මම මෙගා ටෙලි නාට්‍යවලට දායක වුණා. ඒ නිසා මම ගොඩක් කාර්යබහුල වුණා.
මට තේරුණා මට කාර්බහුල ජීවිතයක් ගැළපෙන්නේ නැහැ කියලා. ඉතිං ටෙලි නාට්‍යවලට ලැබුණ සමහර ආරාධනාත් ප්‍රතික්ෂේප කරමින් මම තාවකාලිව ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන එක සීමා කළා.

ඒත්, ලෝචනා රඟපෑ චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා?
ඔව්, ටෙලි නාට්‍ය පැත්තෙන් තාවකාලිව ඉවත් වුණ නිසා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න මට ලොකු කාලයක් ලැබුණා. මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙනවා නම් හැම දවසකම වගේ රූගත කිරීම් සඳහා දායක වෙන්න ඕන. නමුත්, මම කැමතියි නිදහසේ මගේ කලා කටයුතුවලට එකතු වෙන්න. ඒ නිසා තමයි මෙගා නාට්‍යවලින් ඉවත්වෙලා සිනමාවට පසුගිය කාලයේදී තැනක් දෙන්න මම තීරණය කළේ.
මොනවද තිරගත වෙන්න තියෙන ඔබේ චිත්‍රපට?
දැනට චිත්‍රපට දෙකක සියලු වැඩකටයුතු ඉවර කරලා තියෙනවා. බොහෝවිට ඉතා ඉක්මනින් මේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන් වේවි කියල මම හිතනවා.
උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘බහූභූතයෝ’ චිත්‍රපටයේ දෙවැනි කොටස ඇතුළත් ‘ගින්දරී’ චිත්‍රපටයේ මම රඟපානවා. එහි මම චරිත නිරූපණය කරන්නේ එහි ප්‍රධාන චරිතයකට එකතු වෙන රොඩ්නි අයියාගේ බිරිඳ විදිහට. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ ‘3 වරක් 3′ චිත්‍රපටයටත් මම රංගනයෙන් එකතු වෙනවා. 
‘අභිනික්මන’ ටෙලි නාට්‍යයේ ඔබ රඟපෑ ‘ශ්‍රී දේවි’ චරිතය ඔබගේ රංගන දිවියේ වෙනසක් කළා කියලා ඔබ හිතනවද?
අනිවාර්යයෙන්ම. ‘ශ්‍රී දේවි’ කියන්නේ මම රඟපෑ පළමු චිත්‍රපට චරිතය. හිතුවටත් වඩා ප්‍රේක්ෂකයෝ වැඩි පිරිසක් ඒ චරිතයට ආදරය කළා. මම හිතනවා මා කළ අනෙකුත් කලා නිර්මාණවලට වඩා ‘ශ්‍රී දේවි’ චරිතය හරහා රසිකයෝ වැඩි පිරිසක් මාව හඳුනාගත්තා කියලා. චිත්‍රපටය දැනට ප්‍රදර්ශනය වෙලා අවසන් වුණත්, අදටත් ‘ශ්‍රී දේවි’ චරිතය ගැන කතා කරන පිරිසක් ඉන්නවා කියල මට හිතෙනවා.
ලෝචනා කියන්නෙ දක්ෂ නිළියක්ද නැත්නම් ජනප්‍රියම නිළියක්ද?
මම කැමතියි මාව ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වනවාට වැඩිය දක්ෂ නිළියක් කියලා හඳුන්වනවාට. මොකද.. ජනප්‍රියත්වය කියන දේ අද ලැබෙන්න පුළුවන් හෙට නැතිවෙන්න පුළුවන්. නමුත්.. දක්ෂකම හැමදාම තියෙනවා කියල මට හිතෙනවා. ඒ වගේම තමයි මම දක්ෂ නිළියක් කියලා ‘අභිනික්මන’ චිත්‍රපටයේදී ඔප්පු කරලා තියෙනවා. 
ඔබ දායක වුණ සමහර නිර්මාණ ගත්තොත් බොහෝ ඒවා එකාකාරියි කියල හිතෙන්නෙ නැද්ද?
ටෙලි නාට්‍ය බොහෝමයක මගේ චරිත ඒකාකාරියි. මම කැමතියි එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා නම්. ඒත්, මාව තෝරාගන්න නිෂ්පාදකවරු හා අධ්‍යක්ෂවරු මට ලබාදෙන්නේ එකම විදිහේ චරිත.
ඔවුන් හිතනවා මගේ ස්වරූපයට ගැළපෙන්නෙ ඒ වගේ චරිත කියලා. ඉතින් මම එහි වරදක් දකින්නේ නැහැ. නමුත්, මම කැමතියි විවිධ චරිතවලින් මගේ රසික පිරිස් මුණ ගැසෙන්න. 
ඔබ දැනට නිවේදිකාවක්, ටෙලි නාට්‍ය, වේදිකා හා සිනමා රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. මේ ආ ගමන්මග ගැන සතුටු වෙනවාද?
ඇත්තටම සතුටු වෙනවා. මොකද, මම ක්ෂේත්‍රයට මුලින්ම අඩිය තිබ්බේ නිවේදිකාවක් විදිහට. ඊට පස්සෙ ‘සෙනෙහෙවන්තයෝ’ ටෙලි නාට්‍ය හරහා මම රංගනයට එකතු වුණා.
අදට මා ටෙලි නාට්‍ය 30ක් 35ක් විතර රඟපාලා තියෙනවා. ‘අභිනික්මන’ චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිෂ්ට වෙලා අද වන විට මම චිත්‍රපට කිහිපයකම රඟපාලා සිනමා නිළියක් විදිහට දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා.
නමුත්, මේ ක්ෂේත්‍රවලට වඩා මගේ හීනයක් වෙලා තිබුණේ වේදිකා රංගනයට පිවිසෙන්න. ‘සිල්ගත්තු කොක්කු’ හා ‘දූවිලි’ කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඒ හීනයත් මගේ සඵල වෙලා තියෙනවා.
Lochana 14 Lochana2_600px_12_08_16 lochana7 oszlue

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live