Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මුහුදු වෙරළ ප‍්‍රදේශයන් තුළ උඩුකය නිරුවත් වීමේ අයිතිය ඉල්ලමින් බ‍්‍රසීල කාන්තාවන් පිරිසක් විරෝධයක නිරත වී ඇතැයි වාර්තාවේ.
රියෝ ද ජැනෙයිරෝ අගනුවර ඉපැනෙමා වෙරළ තීරයේ පැවැත්වුණු මෙම විරෝධයට සහභාගීවූ කාන්තාවන් සිය බිකිනි ඇඳුමේ උඩුකය ආවරණයන් ඉවත් කර තිබේ.
බිකිනියකට වඩා සිරුර මදක් හෝ වැසෙන ඇඳුමක් යල් පිනූ විලාසිතාවක් ලෙස සැලකෙන රියෝ නගරයේ පවා මුහුදු වෙරළ ප‍්‍රදේශයන්හි උඩුකය නිරුවත්ව සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර තිබේ.
ක‍්‍රියාකාරිනියන් ඉල්ලා ඇත්තේ මෙම නීතිය ඉවත් කරන ලෙසයි.
උඩුකය නිරුවත් ව්‍යාපාරයේ සංවිධායිකා පෝලා නොගුවේරා පවසා ඇත්තේ මෙමගින් උඩුකය නිරුවත් වීම ස්වභාවික හැසිරීමක් බව පත්කිරීම අරමුණු කරන බවයි.
තම ඉල්ලීම සංස්කෘතික කරුණක් මත පදනම් වන බැවින් මෙම ගැටළුවට විසඳුමක් ලැබීම සඳහා කලක් ගතවනු ඇති බව ඇයගේ අදහසයි.

මෙම නිසා තම විරෝධය සාම්ප‍්‍රදායික රාමුව ඉක්මවමින් කෙළිලොල් ක‍්‍රියාවක් බවට පත්කිරීමට කටයුතු කළ බව නොගුවේරා පවසා ඇත.
මෙම විරෝධයට බැංකු නිවාඩු දිනයක් හෙයින් ජනාකීර්ණව තිබූ ඉපැනෙමා වෙරළ සිටි බොහෝ දෙනෙකුගේ සහය පළවූ බව වාර්තා වේ.
මෙය සැමට එක්විය හැකි ප‍්‍රීති විය හැකි අවකාශයක් බව පැවසූ බාබරා කැල්මෝ පවසා ඇත්තේ බ‍්‍රසීලයේ මෙවැනි නීතියක් පැවතියද අන් බොහෝ රටවල වෙරළ තීරයන් තුළ උඩුකය නිරුවත් වීමට ඉඩ සලසා ඇති බවයි.

පින්තූර මෙතනින්

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live