Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තු සියයට 7ත් 08ත් අතර ප‍්‍රතිශතයකින් අඩු කිරීමට 

සුදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ අවම බස් ගාස්තුව ද රුපියල් 09 සිට රුපියල් 08ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සුදානම් බවයි.
 සියයට හතත් සියයට අටත් අතර ප‍්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරිමේ හැකියාව තිබෙන ප‍්‍රතිශතය සියයට 8ත් 7ත් අතර ප‍්‍රමාණයක්. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාව මේ තියෙන බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියේ තිබෙන නිර්නායකයන් ගණනය කිරීමේදී ඉන්ධනවලට පමණක් එය ගණනය කරලා ජාතික ගමනාගමන කොමිසන් සභාව ප‍්‍රකාශයට පත් කරයි නිවැරදි සත්‍ය ප‍්‍රතිශතය. අපි ඒ සඳහා අවසරය ලබාදී තිබෙනවා. අවම ගාස්තු සංශෝධනයට ලක්වෙනවා. රුපියල් 9 ගාස්තුව රුපියල් 8 දක්වා අඩු වෙනවා.


මගී ජනතාවට සහනයක් හිමිවනවා සේම බස් හිමියන් මුහුණ පා ඇති ගැටළුවලට ද විසඳුම් ලබාදිය යුතු බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
 අපි පූර්ණ අඩු කිරීමක්, ඒ කියන්නේ පූර්ණ සහයෝගයක් ලබාදෙනවා ඒ ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ආණ්ඩුව ලබාදිය යුතුයි කියලා. එය ජනතාව අපේක්ෂා කරපු දෙයක්. එසේම සංගමයක වගකීම තමයි ඒ ප‍්‍රතිලාභය ජනතාවට ලබාදීම. එසේම අපි කියනවා කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් අපට විශාල ගැටලූ සහගත තත්ත්වයක් තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. පසුගිය කාලයේ වැඩි කරන ලද අපට වැඩි කරන ලද ගාස්තු අඩු කිරීමට ආණ්ඩුව වහාම  කටයුතු කළ යුතුයි.
 බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සහ එය ක‍්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේ දී අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත්කරන බව අභ්‍යන්තර ප‍්‍රවාහන සේවා අමාත්‍ය රංජිත්  මද්දුමබණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.
 ඊයේ මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වාත් ඞීසල් ලීටරයක මිල රුපියල් 95 දක්වාත් අඩු කෙරුණා. ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ මුදල් අමාත්‍යාංශයට ලැබිය යුතු මුදල්වලින් රුපියල් බිලියන 65.5ක් රජයට අහිමි වෙනවා. ඒ කියන්නේ අපි පොරොන්දු වුණේ 40යි. එහෙත් අපි 65ක සහනයක් ලබාදී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සහනය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේත් එසේම බඩු මිල ඇතුළු අනෙකුත් ක්ෂේත‍්‍ර සියල්ලටම වැදගත් සහනයක් වෙයි කියලා. එසේම මව්බිම මව්බිම කිය කිය, මගේ දරුවන්ට මං ආදරෙයි කිය කිය මොන විදිහේ කෲර පාලනයක්ද ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවලින් ගෙන ගියේ කියන එක පසුගිය වසරේ මේකෙන් ඔබ සැමට අවබෝධ වනවා ඇති. මේවා ඔක්කොම ගියේ මේ පවුලේ භයංකර දූෂණයට ගෙවන්න තියෙන ණය බර ගෙවන්න, විශේෂයෙන් පසුගිය මහා මැතිවරණයට ඔවුන් විදයම් කරපු ඒ අධික මුදල් බොහෝ සම්පත් උකහා ගත්තේ මේ පෙට්‍්‍රල්, ඞීසල්, භූමිතෙල් බදුවලින්.
 මේ අතර තවදුරටත් වැඩි මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරන්නේ නම් හෝ ඉන්ධන හිඟයක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා දුරකථන අංක 04ක් සහ ෆැක්ස් අංක දෙකක් අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව 0115-24 32 43 යන ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ඊට අදාල පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. එමෙන්ම 0115-455 130, 0115-455 251 සහ 0115-455 254 සෙසු දුරකථන අංක වනවා. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live