Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරායට ගෙන්වනු ලබන වාහන වල අමතර කොටස් නැවේ සිට එලියට ගන්නා රියදුරන් විසින් සොරකම් කිරීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නැවෙන් එලියට ගන්නා වාහන නැවේ අතරමග නවතන ඔවුන් සොයන්නේ ඔවුන්ට මුදල් කරගත හැකි සාක්කුවේ දමාගතහැකි දේවල් ඇතිද යන්නයි. මෙම ක්‍රියාවලියේදී රියදුරන් හට රථය පරික්ෂා කිරීමට අවශ්‍ය නොවන අතර එය සිදුකල යුත්තේ ආරක්ෂක අංශය මගිනි. අතරමග වාහනය නවතන ඔවුගේ දෙබස පහත පරිදිය,
"ඒ ඕක අරින්නේ කොහොමද මේක අරින්න බැහැනේ"
"මේකේ නෑ බං SD card බලන්න දෙයක් නෑ."
"මේකෙනම් නෑ ඉතිං.... බලන්නදෙයක් නෑ මේ නැහැයි කියල වැටෙනවා."
"නැහැ මම කියුවනේ නැහැයි කියලා"
"එහෙනම් බාන්නම් නේ."
එහෙත් එම රථයේ SD Card  පැමිණ නැතැයි විශ්වාස නොකරන ඔහු ඊළගට ස්කුරුප්පුනියනක් රැගෙන එයද ආධාර කරගනිමින් රථය පුරා එය සොයනුලබයි. එහෙත් පලක් නොවන තැන රථය නියමිත පරීක්ෂණ ස්ථානය වෙත රැගෙන යනු ලබයි. එතැන් සිට ආරක්ෂක අංශ විසින් රථයේ සියලු විස්තර සටහන් කරනු ලබයි. එහි සදහන් වන්නේ වරායට ඇතුලත්වනවිට තත්වයයි. සොරාගන්නා ලද කොටස් සදහන් නොවන නිසාවෙන් කිසිදු කියාමාර්ගයක් වාහනය ගෙන්වන්නාට ගත නොහැකි වේ. 


එම වීඩියෝව බලන්න පහතින් 


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live