Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පන්දුවක් හිසෙහි වැදීමෙන් පසු මරණයට පත්වූ ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ක‍්‍රීඩක පිල් හියුස්ගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය නිවේදනය කලේ විශේෂ වැඩසටහන් කිහිපයකින් අනතුරුව හෙට පිල් හියුස්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන බවයි. මේ සඳහා ඔස්ටේ‍්‍රලියානු රජයේ ප‍්‍රධානීන් මෙන්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබෙනවා. හෙට පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග කිහිපයකදීම පිල් හියුස් අනුස්මරණය කරමින් විශේෂ වැඩසටහන් ද සංවිධාන කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. පසුගියදා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ තරගයක් අතරතුර පන්දුවක් හිසේ ගැටීමෙන් දෙදිනකට පසුවයි පිල් හියුස් ජීවිතයෙන් සමුගත්තේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live