Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


SUNAMI_lankanewsalert_26_12_2014
ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබේ.සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 30,000කට අධික පිරිසක් මිය ගිය අතර ඒ අය සිහිපත් කිරීම සදහා අද හම්බන්තොට නගරයේදී ගුණානුස්මරණ උත්සයක්ද පැවත්වේ.
2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි.මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත.භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී.මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ.එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ.තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියඳ සුළු මොහොතකින් ඊලග තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ.එවිට සුනාමි තරංගය විශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි.මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි.

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි රළ හේතුකොට ගෙන ජිවිතක්ෂයට පත් වු ජන සංඛ්‍යාව
ඉන්දුනිසියාව-237,071
ශ්‍රි ලංකාව-30,957
ඉන්දියාව-16,389
තායිලන්තය-5,393
මාලදිවයින-82
මැලේසියාව-68
මියන්මාරය-61
බංග්ලාදේශය-2
සෝමාලය-298
කෙන්යාව-1
2004 සුනාමි ව්‍යවසනය ඇතිවීමට බලපෑ හේතු
පාරිසරික බලපෑම
සුමිත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත.මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත.භූගෝල විද්‍යාඥ රිචඩ් ග්‍රොස් පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත.මෙම වෙනස්කම් නිසා පෘතුවියකාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත.සුමිත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.
සමාජීය බලපෑම
සුනාමි රළ හේතුවෙන් ආසියානු රටවල් රැසක විශාල පිරිසක් ජිවිතක්ෂයට පත් වීම හා අවතැන් වීමට ලක් විය.ඉහත දැක්වෙන්නේ එම එක් එක් රටවල් වල ජිවිතක්ෂයට පත් වු ජනසංඛ්‍යාවයි.විශාල පිරිසක් මරණයට පත් වීම නිසා සමාජීය ගැටළු රැසක් බලපාන ලදි.
ආර්ථික බලපෑම
සුනාමි රළ හේතුකොටගෙන ආසියාතික රටවල ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය.ධීවර,සංචාරක හා වෙරළ ආශ්‍රිත සුළු පරිමාණ කර්මාන්ත රැසක් සුනාමි රළින් විනාශයට පත්විය.සුනාමි රළ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදු වු බලපෑම පිළිබඳව සලකා බැලීමේදී සුනාමි රළ ක්‍රියාකාරිත්වය බලපෑ රටවල් 11තුළම ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින්,ධීවර ආම්පන්න,ධීවර යාත්‍රා හා ධීවරයන්ගේ නිවාස විනාශයට පත්විය.
12357

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live