Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පුද්ගලයින් 162 දෙනෙකු සමග අතුරුදන් වූ AirAsia සමාගමට අයත් QZ 8501යානයේ සුන්බුන් මුහුදු පතුලේ පවතින බවට ඉන්දුනීසියානු බලධාරීන් විශ්වාසය පළ කර තිබේ.

ඔවුන් මෙම නිගමනයට එළඹ ඇත්තේ, අදාළ ගුවන් යානයෙන් අවසන් වරට නිකුත් කළ රේඩාර් දත්ත පදනම් කරගෙන ය.

ඉන්දුනීසියානු සාමුද්‍රික සෝදිසි මෙහෙයුම් ආයතනයේ ප්‍රධානී බැම්බැං සුලිස්ට්යෝ මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, ගුවන් යානයේ සුන්බුන් ඇති ප්‍රදේශය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ය.


එය සොයා ගැනීම සඳහා අවට රටවල සහය අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ වන විට යානයේ සුන්බුන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබේ.

ඊයේ දිනයේ එම ගුවන් යානය අතුරුදන් වූයේ, ඉන්දුනීසියානු ගුවන් සීමාවේදී ය.

මේ අතර, පසුගිය මාර්තු 8 වන දා මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 යානය අතුරුදන් වූ අතර මෙතෙක් එහි නටඹුන් සොයා ගැනීමට හැකි වී නොමැත.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live