Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .ඊයේ රාත්‍රියේදී ඔහු මෙලෙස රටින් පිටවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවලදී වදුරඹ ප්‍රදේශයේ ඉදිකර තිබූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන වේදිකාවකට අලහාභානි කිරීම සම්බන්ධයෙන් නිශාන්ත මුතුහෙට්ටිගමගේගේ ආරක්ෂයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.පසුව ඒ අය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. වදුරඹ පොලිස් ස්ථානයේ සිටි තම ආරක්ෂකයින් තිදෙනා නියෝජ්‍ය අමාත්‍යරයාගේ වාහනයකින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බවට මුතුහෙට්ටිගම අමාත්‍යරයාට චෝදනා එල්ල වනවා.

මෙවන් චෝදනාවක් එල්ල වන අවස්ථාවේදී අමාත්‍යරයා විදෙස් ගත වීමෙන් පෙනී යන්නේ රටේ නිතීය බල්ලාට ගොස් ඇති බවයි. තමා අධිකරණ තීන්දුවට ගරු කරන බවත් තමාගේ මානසිකත්වය වෙනුවෙන් විදේශ ගත වන බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් බද්දේගම මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න නියෝග කර ඇත්තේ ලබන දෙසැම්බර් 29 නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරු අධිකරණය හමුවේ පෙනි සිටිය යුතු බවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live