තමාට විවේචන එල්ල කරන කාන්තාවන් පිරිමි ගණනාවකට ආදරය කරන අය බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ ,ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් රජය තමාට කෙතරම් ප්‍රතිපාදන ලබා දුන්නත් ඒවා ප්‍රමාණවත් නොවන බවයි.
නමුත් මෙවර අය වැය හරහා කාන්තාවන්ට සහ ළමයින්ට ලබාදී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් සතුටුවිය හැකි බවද අමාත්‍යවරයා සදහන් කලා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කරන්නේ ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වලට යන වියදමෙනුත් භාගයක් බවයි.