Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


DAKUNA_lankanewsalert_11_11_2014
අද තියෙන්නේ අයවැයක් නොව දන්සැල් වැයක් බවත් එම නිසා මේ අයවැය පිළිබදව විවාදය විවාද කිරීමට කාලය අවශ්‍ය බවත් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත‍්‍රී නලීන් හේවගේ මන්ත‍්‍රීවරයා පවසයි.ඔහු එසේ පැවසුවේ අද (11) දින දකුණු පළාත් සභා රැස්වීමට 2015 වර්ෂයේ අය වැය දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අය වැය විවාදය ආරම්භ කරන අවස්ථාවේ දීය. දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප‍්‍රධානත්වයෙන් කලේගාන ශ‍්‍රවනාගාරයේ දී මෙය පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වු නලීන් හේවගේ මන්ත‍්‍රීවරයා,
මෙතන ඉන්න කිසිම මන්ත‍්‍රීවරයෙක් දන්නේ නෑ. මේකේ මොනවද තියෙන්නේ කියලා. තමන් අත උස්සන්නේ මොනවගේ දේකට ද කියලා අඩුගානේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් වත් දන්නේ නෑ. මේ කෑගහන වීරසුමන් ඇමතිතුමාගේ ප‍්‍රතිපාදනත් කපලා, සෞඛ්‍යයට වෙන්කරපු මුදලත් කපලා.
පළාත් සභාවේ මෙතෙක් කලක් වරදක් කරලා නම් අපි ඒක සාදා ගත යුතුයි. අනිත් එක රට මේ වෙලාවේ යන්නේ මෙතෙක් ආපු විධියට නෙවෙයි නේ. දැන් මේ අද ඉදිරිපත් කරලා තියෙන දන්සල් වැය සදහා සල්ලි හොයා ගන්න විදිය කොහොම ද කියලා. අනිත් සියළු පළාත් සභා වල දින 14 ක් පමණ දෙනවා. ඇයි මේ සභාවේ විතරක් මේ හදිස්සිය. මේ යන සිස්ටම් එක ගැන බයයි. ඒ නිසා අපි සෝදිසියෙන් සිටිය යුතුයි. මේ කිසිත් නොදැන කටයුතු කිරීම දකුණු පළාතේ ජනතාවට කරන අසාධාරණයක්. මේ අයවැයේ භාණ්ඩ හා සේවා බදු සියයට 2 ක 3 කින් වැඩි කරලා. මම මේ කරන්නේ අයවැය විවාදය නොකරන්න විවාදයක්.
දකුණු පළාත් සභා අමාත්‍ය වීරසුමන වීරසිංහ,
මේ සියල්ල උපදේශණ කාර්ය සභාවේ තීරණය කරපු දේවල්. මේ ඉදිරියේ ඡන්දයක් එන නිසා බයවෙලා කෑ ගහනවා.
දකුණු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා,
පාර්ලිමේන්තු සම්ප‍්‍රධායන් මෙහේ ක‍්‍රියාත්මක විය යුතු යැයි කිසිම තැනක සදහන් වී නෑ. විසර්ජන කෙටුම්පත ඔක්තෝබර් 21 දින ඉදිරිපත් කරා.අද කරේ දෙවන වර කියවීම.සාමාන්‍ය සම්ප‍්‍රධානය තමයි මුදල ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනයේ පොදු සාකච්ඡාව පැවැත්වෙනවා.අනතුරුව හෙට අමාත්‍යංශ මට්ටමෙන් විවාද තියෙනවා.එහෙම විවාදයේ වෙනසක් අවශ්‍ය නම් අදාල කමිටු රැස් කර ඒ පිළිබදව තීරණයක් ලබන වසරේ ගත හැකියි.අනතුරුව අයවැය විවාදය ආරම්භ කරන ලදී.
දකුණු පළාත් සභාව විනාඩි තිහිකට කල් තැබේ.ඒ දකුණු පළාත් සභාවේ 2015 අයවැය ඉදිරිපත් කිරිමෙන් පසුව, අයවය විවාදය සදහා පෙර සුදානමක් ඇතිව කතා කිරීමට අය වැය කෙටුම් පත ජනතා විමුත්ති පෙරමුණේ මන්ත‍්‍රිවරුනට ලබා නොදීම නිසා සභාවේ ඇති වු ගැටළුවක් නිසාය.මේ නිසා පැය භාගයකට දකුණු පළාත් සභාව කල් තැබීමට දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගො විසින් අද තිරණය කළේය.
මෙහි දි සභාපතිවරයා කීවේ නිතිය අනුව සභාවේ සියලූම මන්ත‍්‍රීවරුනට අයවැය කෙටුම් පත නිවෙස් වලට තැපෑලෙන් ලැබෙන්නට සලස්සා ඇති බවයි. නමුත්, එය ජවිපෙ මන්ත‍්‍රිවරුනට ලැබුනු නැති බව කියමින් ජවිපෙ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රී නළින් හේවගේ කළ රිති ප‍්‍රශ්ණයක් හමුවේ ඇමති විරසුමන වීරසිංහ අතර හට ගත් වාදය මහා ගාලගෝට්ටියක් බවට පත්වු නිසා මේ ආකාරයට සභාව විනාඩි තිහකට කල් තැබීය.
නලීන් හේවගේ මන්ත‍්‍රීවරයා,
ජංගිය හැදගෙන පොඩිකාලයේ අපි පාසල් ගියා දැන් එහෙම යන්නේ නෑ. අපි දන් ලොකු අය. සභාපති තුමනි වීරසිංහ ඇමති තුමා මොලේ උඩ වාඩි වොලා කතා කරනවා. ලංකාවේම පළාත් සභාව කරන සම්ප‍්‍රදායන් මෙහි කඩ කර තිබෙනවා.ඔබතුමා සාම්ප‍්‍රධායන් දන්නේ නෑ..
ආණ්ඩු පක්ෂයේ මහා ඝෝෂා කිරීම්
දකුණු පළාත් සභාවේ දකුණු පළාතේ විසිහතර ලක්ෂයක් වු ජනතාවට ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් ගැඹුරින් තින්දු තිරණ ගෙන කටයුතු කිරීම හා මේ මහා මුදල් ප‍්‍රමණය ජනාධිපතිවරණය අභියසදී සහන හා වෙනත් දෑවලට වෙන්කර ගත හැකි පරිදි සකස් කරන්න දෙන්න බැ. මේ නිසා අප කියන්නේ අය වැය අද 11 ඉදරිපත් කළාට විවාදය අද කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live