මුළු වාර්තාගත ඉතිහාසය පුරාම සමාජ බිඳ වැටීමට ප්‍රධානම සාධකය වන්නේ තමන් විසින්ම පත්කර ගත් රජවරුන් ප්‍රධානීන් හා දේශපාලකයන්ගේ කි‍්‍රයාකාරකම් හෝ කි‍්‍රයා නොකිරීම්ය.: ජරෙඞ් ඩයමන්ඞ්, සමාජ වැටුණේ හෝ පැවතුණේ කෙසේද?
සුනාමි ආවේ පෙර දැනුම්දීමකින් තොරවය. ඒ වචනය පවා අප වැඩිදෙනකුට අසා පුරුදු එකක් නොවීය. වසර 10කට පෙර එදා අප සිතා සිටියේ මහ ඉහළට නගින උදම් රළ අනික් අවාසනාවන්ත රටවලට සිදුවන දෙයක් හැටියටය. මේ සතියේ නායයෑම් තවත් කතාවකි.කොස්ලන්ද වතුයායේ මීරියබැද්ද කොට්ඨාසයේ අනතුරුදායක තත්ත්වය ගැන පළමු අනතුරු ඇගවීම කෙරුණේ 2005 මැයි මාසයේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දෙවන අනතුරු ඇගවීම් කළේ 2011 නොවැම්බර්වලදීය. සුනාමිය මෙන් නොව කොස්ලන්ද ඛේදවාචකය වළක්වා ගත හැකිව තිබුණකි.
එහි පදිංචිකරුවන් කිහිපදෙනකුට විකල්ප නිවාස සපයාදී තිබුණද වැඩිදෙනකුට එසේ ලබාදී තිබුණේ නැත.බලධාරීන් කියන්නේ විපතට ලක්වූවන්ට ආරක්ෂිත ස්ථානවලට යන ලෙස කියා තිබූ බවය.එහෙත් සාක්ෂිවලින් හෙළිවන්නේ රජයවත්, වත්ත අයිති මස්කෙළිය වැවිලි සමාගමවත් නිසියාකාර අනතුරු ඇගවීමක් කර නොතිබූ බවය.අනතුරට ලක්වන්නන්ට වෙනත් පදිංචි ස්ථානවත් ලබාදී තිබුණේ නැත.තමන්ට යෑමට හරියාකාර තැනක් නොමැතිව කඩාවැටෙන මහ වැස්සේ වැසියන් තමන්ට ඇති එකම නිවහන අතහැර යන්නේ නැත.මේ අන්ත දුගීන් සිටින වැවිලි අංශය ය.මේ තමන්ගේ ජීවිත පිළිබඳ කිසිම දෙයක් කර ගැනීමට බැරි අය ය. රජය හා වතු හිමිකරුවන් උදව් නොකරන්නේ නම් ඔවුන් මේ හදිසියේ නවාතැනක් සොයා ගන්නේ කෙසේද? ඉතිහාසය තුළ සුනාමිය ළගට සිදුවූ දරුණුම ව්‍යසනයේ දුර්නිමිති මාස පහකට පෙර පෙන්නුම් කර තිබුණි. බදුල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයකම නායයෑමේ අනතුරු හැගවීම් නිකුත් කර තිබුණි.
බදුල්ල වැල්ලවාය පාරේ ගමනාගමනය නවතා දමන ලදි. මැයි 11දා සන්ඬේ පුවත්පතට නාදියා ෆස්උල්හක් ලියූ ‘නායයෑමේ අනතුරු වැඩිවීම හා නිලධාරීන් අසරණ වීම’යන ලිපියේ කොස්ලන්ද ඛේදවාචකය වළක්වා ගැනීමට බලධාරීන්ට අවශ්‍ය කරුණු දක්වා තිබුණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ ප්‍රධානි ආර්.ඇම්.එස්. බණ්ඩාර ‘නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශවල ගොඩනගන හෝටල් සහ නායයෑම් ගැන ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සැලිකිලිමත් විය යුතු’ යයි පවසා තිබුණි. ඇල්ලේ සිදුවූ නායයෑම, අසල ඇති සංචාරක හෝටල විසින් පස රඳවා ගැනීමේ ව්‍යුහයක් ගොඩනොනැගීම සහ මාර්ග සංවර්ධනයේ දුර්වලතා නිසා සිදුවූ බව බණ්ඩාර පෙන්වා දී තිබුණි. නායයෑම් ගැන සැලකිලිමත් නොවී මාර්ග විශාල සංඛ්‍යාවක් ගොඩනගා ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය කපිල දහ නායකත් අනතුරු හගවා තිබුණි. දිගු නියං කාලයකින් පසුව ඇදහැලෙන තද වැසිවලින් විය හැකි බලපෑම ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්ය එස්.ඒ නෝබට් අදහස් පළකර තිබුණි.දිගු කාලයක් වියළි කාලගුණය තිබී නිරිත දිග මෝසම සක්‍රිය වී හදිසි තද වර්ෂාපතනයක් ඇතිවන විට මධ්‍යම කඳුකරයේ නායයෑම් සිදුවේ.වියළි කාලගුණ සමයේ ළැව් ගිනි රාශියක් ඇතිවීම තුළ භූමිය ඇදහැලෙන වැස්සට නිරාවරණය වීම මීට හේතුවයි.පසුගිය නියගය බදුල්ල දිස්ති‍්‍රක්කයට තදින්ම බලපෑ අතර ඉන්පසුව තදවැසි කඩා හැදුණේය.
ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥ යෙකු අනතුරු ඇගවීම කළේ නම් දේශපාලකයන් ඊට ඇහුම්කන් දීමට ඉඩ තිබුණි.අනතුරු ඇගවීම කරන ලද්දේ වෘත්තීය විද්‍යාඥයන් බැවින් ඔවුන් එය ගණන් ගන්නේ නැත.දැන් දේශපාලකයෝ පරිපාලකයෝ සහ මස්කෙළිය වැවිලි සමාගම එකිනෙකා වෙත ඇගිල්ල දිගු කරමින් සිටිති. එහෙත් දැන් කළ යුතුව ඇත්තේ අනාථ දරුවන් 75 රැකබලා ගැනීම හා පීඩිතයන්ට සහන සැලසීමත් නැවත කොහේවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමත්ය.කළ යුතු මූලික පියවර නම් ඔවුන් ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන්ගේ අනාවැකි බරපතළ ලෙස භාර ගන්නවා මෙන් විශේෂඥයන්ගේ අනතුරු ඇගවීම්ද භාර ගැනීමය.
ශ්‍රී ලංකා භූමියෙන් 1/5ක් හා රටේ ජනගහනයෙන් 1/3ක වාසභූමි නායයෑමට ගොදුරුවිය හැකි ඒවාය.රටේ භූමියෙන් 20%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගන ඇත. මෙයට බදුල්ල, ගාල්ල හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ති‍්‍රක්කවල පෙදෙස් ඇතුළත්ය. රටේ වර්ග සැතපුම් 25332න් වර්ග සැතපුම් 5066කම නායයෑමේ අනතුර තිබේ නම් අප කිසිවකුටත් මේ ගැන නොතකා සිටිය නොහැකිය. මේ දිස්ති‍්‍රක්ක දහයෙහි කෙරෙන ඕනෑම ඉදිකිරීමක් (විශේෂයෙන් සුවිශාල යටිතල ව්‍යාපෘති ඇතුළුව ස්වාධීන විශේෂඥයන් විසින් පරිසර බලපෑම් ඇගයීමට ලක් කළ යුතුය. මත්තලින් ඇතිවන පරිසර බලපෑම් පරිසර ශක්‍යතා අධ්‍යයනය නොකිරීම පිළිබඳ හොඳම උදාහරණයකි. රාජපක්ෂලාගේ විශේෂ වුවමනාව පිට මහනුවර සහ නුවරඑළියේ ගුවන් තොටුපොළ තැනීම නවතා දැමීම සඳහා විශේෂඥ දැනුම අවශ්‍ය නැත.
‘නටන්න බබා නටන්න.’ අමෙරිකාවේ සුප්‍රකට සාරා පාලින්ගේ උද්යෝග පාඨයකි. ‘මොනවා නැති වුණත් සංවර්ධනය’ චීනයේ ආර්ථික ආදර්ශ පාඨයයි. ‘ඉදිකරනු. මොනවා නැති වුණත් ඉදිකරනු’ රාජපක්ෂලාගේ ප්‍රවේශය වෙමින් ඇත. කොළඹ හා හම්බන්තොට කෘත්‍රිම දූපත් දෙකක් තැනීම පෙන්නුම් කරන්නේ ලාංකික පාලකයන් භූමිය මැවීමේ උමතුවෙන් පෙළෙන චීන ආදර්ශය පසුපස යෑමයි. චීන්නු ඔවුන්ගේ ඉදිකිරීම් උමතුව නිසා අතිවිශාල භූමි ගොඩනැගීම් කරති. ඔවුන් නිරිතදිග චීනයේ හෙමිගි කඳු 65ක මුදුන් කපා දමමින් ඒ පස්වලින් මිටියාවත් පුරවමින් ගුවන්තොටුපොළක් ගොඩනැංවූහ. සැතපුම් 1.3ක් දිග ධාවන පථයේ කෙළවර අඩි සිය ගණනක ප්රපාතයකි. ලන්සුහිදී කඳුමුදුන් 700ක් බුල්ඩෝසර් කර සුපිරි නගරයක් ඉදිකෙරේ.
මේ මගින් පෘථිවියේ ප්‍රධාන කපොල්ල බිඳී ගොස් පස් රඳා සිටීම නැවතී සහ ගංගා ගලන මාර්ග වැසී නායයෑම් අවදානම හා ගංවතුර ගැලීම වැඩිවනු ඇතැයි චීන පරිසරවේදීහු පවසති. ඒ අතර අපද්‍රව්‍ය විශාල ලෙස රටේ අන් පළාත්වලට ගලා යනු ඇත. රාජපක්ෂලා ඔවුන්ගේ චීන ස්වාමීන් අනුකරණය නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කඳුකරය තුළ භූමිය පවා අනවශ්‍ය හා පලක් නොවන ගුවන්තොටුපොළ දෙකක් තැනීමේ සිහිනය ඔවුන් අතහැර දැමිය යුතුය. නීති විරෝධි ගොඩනැගිලි තැනීමට විරුද්ධව නඩු පැවරීමට ජාතික ගොඩනැගිිලි පර්යේෂණ ආයතනයට බලය පැවරෙන පනත නීති කෙටුම්පත් අංශයේ අවුරුදු දෙකක් තිස්සේ හිරවී තිබේ. එම පනත ඉක්මන් කර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බලගැන්විය යුතුය. මෙසේ නීතිමය කටයුතු කිරීමේදී නීති විරෝධි ගොඩනැගිලි ගැන පොහොසතුන් හා බලවතුන්ටද එරෙහිව කටයුතු කළ යුතුය. කඳුකරයේ පරිසරය විනාශ වන්නේ දුප්පතුන්ගේ නොදැනුවත්කම නිසා නොව පෝසතුන්ගේ කෑදරකම නිසාය. දුප්පතුන් ඉදිකරන්නේ පදිංචි වීමට නිසා ඔවුන් කරන වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. පෝසතුන් ඉදිකරන්නේ මුදලට හා විනෝදයට නිසා එය ඔවුන්ට අතහැර දැමිය හැක. නීතිය කි‍්‍රයාත්මක කළ යුත්තේ දුප්පතුන් පීඩාවට ලක් කරමින් පෝසතුන්ට රිංගා යෑමට හැකිවන ලෙස නොවේ. පදිංචිකරුවන් භූමිය හා ජලය නිසි ලෙස භාවිත කිරීමට දැනුවත් කිරීම සහතික කිරීම වතු හිමියන්ගේ ප්රමුඛ කාර්යය විය යුතුය. ජීවත්වීමට සුදුසු විකල්ප වාසස්ථාන සපයාදී පවුල් අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කළ යුතුය. වඩාත්ම අනතුරුදායක ප්‍රදේශ මානව කි‍්‍රයාකාරකම්වලින් නිදහස් කර සුවවීමට ඉඩහළ යුතුය.
මේ ගැටලූ විසඳීමට අපට මධ්‍යම ආණ්ඩුවක්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා විවිධ මට්ටම්වල දේශපාලකයන් ඕනෑ තරම් ඇත. ඇත්තෙන්ම අපට නැත්තේ මුදල් හෝ ශ්‍රම සම්පත නොව දේශපාලකයන්ගේ වුවමනාවය.
2002 වනතුරු නායයෑම් සුළු ඒවා වූ අතර ඇති වූයේද කලාතුරකිනි. 2003 දී නායයෑම් සංඛ්‍යාව දෙගුණ විය. මීළ`ග වසර 11දී කලාතුරකින් සිදුවූ දෙය පවතින බලගතු අනතුරක් බවට පත්විය. දිවයින පුවත්පතට අනුව කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලද සමහර ප්‍රදේශ නායයෑම් සඳහා අවදානම පවතී. තවත් දශකයක උදාසීනත්වය, නොසලකා හැරීම හා කරුණු නොසොයා ඉදිකිරීම් අප සියල්ලන්ට මහා ඛේදවාචකයක් ඇති කරනු ඇත.