පසුගිය දිනවලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා ජනාධිපතිවරයා අය වැය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී නිදි කිරා වැටුණු ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනෙකු පිළිබදව කරුණු අනාවරණය කලා.ඒ පාර්ලිමේන්තුවේදීය.
එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න සදහන් කලේ ,පාර්ලිමේන්තුවේ ඕනෑම වැදගත් අවස්‌ථාවක සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් භාගයක් පමණ නින්දේ පසුවන බවයි.පාර්ලිමේන්තුවේ දීර්ඝ කතා යද්දී මැති ඇමැතිවරුන්ට නින්ද යැම ස්‌වභාවික බව ද ඔහු සදහන් කලා.
මැති ඇමතිවරුන්ට නින්ද යෑම සම්බන්ධයෙන් නම් අප දිගින් දිගටම කරුණු වාර්තා කලා.නමුත් කතා කල යුතු නවතම මාතෘකාව වන්නේ ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇමතිවරුන්ට නින්ද යෑම ස්වභාවික දෙයක් බවට ප්‍රකශ කිරීමයි.නින්ද යෑම සම්බන්ධයෙන් නම් අපටද ගැටළුවක් නොමැත.නමුත් නින්දෙන් අවධි වෙලා ඉන්පසුව පාර්ලිමේන්තුවේ නොකියපු කතා කිවූ බවට ප්‍රකාශ කිරීමත් නොකිවූ දේවල් ප්‍රකාශ කල බවට සදහන් කිරීම නිසා මුළු පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් වීම නිසා පාර්ලිමේන්තුව පිරිහීම සම්බන්ධයෙන් නම් කතා කල යුතුයි.
ඇතැම් ඇමති ජෝකර්ලා කරන මේ වැඩ වලින් පෙන්නුම් කරනු ලබන්නේ වෙන කිසිවක් නොව රාජපක්ෂවරුන්ගේම නොහැකියාවයි.අය වැය ප්‍රකාශයට පත් කරන දිනයේදී පමණක් නොව තවත් වැදගත් අවස්ථා කිහිපයකදීම ඇමති නිමල් සිරිපාලලා නිදි කිරා වැටේ.ඒ අය වැය එතරම් රසවත් වීම නිසාවෙනි.කොන්ද කෙළින් තබා ගෙන අය වැය ඇසීමටවත් මේ ඇමතිවරුන්ට ප්‍රාණයක් නැත්තම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ කෙසේද යන්න අපට ගැටළු සහගතයි.ජනතාව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකාලපය මෙවන් ආකාරයක් ගනී නම් සෙසු අය සම්බන්ධයෙන් කවර කතාද ?
රාජපක්ෂලා ලැජ්ජා විය යුතු වන්නේ රටේ සෙසු දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නොව ආණ්ඩුවේ රැදී සිටින මෙම ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධවයි.