රාජපක්ෂ රෙජිමය පන්නා දැමීමට මෙය හොද අවස්ථාවක් බව අමාත්‍ය නිමල් සිරිපාල පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැකිරාව මඩාටුගම පැවති උත්සවයකදීය.
ජනපති රාජපක්ෂ ජනතාවට ණය නොමැති අතරම ජනතාවගේ සතුට ජනාධිපතිවරයාගේ සතුට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රාජපක්ෂ පන්නා දැමීමට කාලය පැමිණ ඇතත් රාජපක්ෂගේ කට්ට කයිරාටික කම් ඒ සියල්ලම පරදුවට තබන්නේය.ජනතාව ඉදිරියේ වැඩ්ඩන් වීමට හොට බිම ඇනගත් අවස්ථාද ඕනෑ තරම් පවතී.ඒ කෙසේ නමුත් ජනතා සැප ජනාධිපතිවරයාගේ සතුට බවට අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම පට්ටපල් බොරුවකී.
රාජපක්ෂලා ජනතාවට ආදරය කරන තරම පසුගිය දිනවලදී අපට දැක ගැනීමට හැකියාව ලැබුණි.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදුණු සරසවි සිසුන්ට පොලු වලින් පහර දීම ,ජලය ඉල්ලා විදී බැස්ස ජනතාවට උණ්ඩ වලින් විසදුම් ලබා දුන්නේද රාජපක්ෂලාමය.
තමාගේ පක්ෂය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ට පවා වළ කැපීමට නිමල් සිරිපාලලා කටයුතු කරනු ලබයි.විටෙක ගෑණු හුටපට සම්බන්ධයෙන් කටයුතු කරන මේ ඇමතිවරුන්ට ලබා දිය යුතු දඩුවම තීරණය කල යුත්තේද ජනතාව විසින්මය.
රාජපක්ෂ ජනතාවට ණය නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කරනු ලබයි.ඊනියා සංවර්ධනයක් රට තුළ ඇති කිරමින් ලෝකයා ඉදිරියේ උපන් නූපන් දරුවන් ණය කරුවන් බවට පත් කලේද රාජපක්ෂ යුගයේදී බවද දන්නෝ දනිති.