වංචා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ ඇමතිවරුන් 38කගේ ෆයිල් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (03) පාර්ලිමේන්තුවේදී හෙළි දරව් කලා.මේ ප්‍රකාශයට ඇමති මර්වින් සිල්වාගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වුණා.
එහිදී අදහස් දක්වු අනුර කුමාර දිසානායක ,
"හරි මර්වින් සිල්වා ඇමතිතුමා ,මට ඔබතුමාගේ වේදනාව තේරෙනවා.ඔබතුමාගේ රග පෑමත් තෙරෙනවා. පුතාට ඇප ගන්නවත් අඩුම තරමේ ඔහොම කෑ ගහන්න ඕනේ.කෑ ගැහුවේ නැත්තම් තව සති දෙකක් විතර යවනවා."
අමාත්‍ය අස්වර්ද මෙහිදී බාධා එල්ල කල අතර එහිදී අනුර කුමාර දිසානයක කියා සිටියේ ,මොවුන් ඉදගෙන ඉන්නේ මොළය උඩ බවයි.වෘත්තියක් පිළිබද හැගීමක් නැති කෙනෙකුගේ වැඩ සම්බන්ධයෙන් තමා කලබල නොවන බවද මන්ත්‍රිවරයා සදහන් කලා.ගැරඩියාට භුම්තෙල් වැටුණා වගේ ඇමතිවරුන් දගලන බවත් ඔහු පෙන්වා දුන්නා.