එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර ආණ්ඩුවට එක්වීමේ සුදානමක් ඇති බව වාර්තා වේ.ලබන සතියේ ආරම්භයත් සමග ඔහු ආණ්ඩුවට එක් වීමට සුදානම්ව ඇති බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.ආණ්ඩුවට එක් වීමෙන් පසු වරාය ,සිවිල් ගුවන් සේවා ඇතුළු අමාත්‍යාංශ කිහිපයක බලය මංගල සමරවීරට ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලා.
එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට කෙණෙහෙලිකම් සිදුවන නිසා මංගල සමරවීර ආණ්ඩුවට එක් වීමට සුදානම්වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ නිසා ඔහු මෙලෙස එජාපයෙන් ඉවත්වී ආණ්ඩුවට එක්වීමට සුදානම්ව ඇති බව වාර්තා වේ.