Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

neth-phil (5)ඔස්ට්‍රේලියානු පිතිකරු පිලිප් හියුස් ඊයේ දින ලොවම හඬවමින් මිය ගියේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් ඇතිවූ දරුණු ආබාධයක් හේතුවෙනි.

සිඩ්නි ක්‍රීඩාංගණයේ දී දකුණු ඔස්ට්‍රේලියානු පිලට ක්‍රීඩා කරමින් සිටියදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වේග පන්දු යැවූ සීන් ඇබෝට්ගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් තණතිල්ල තුළ සිහිසුන්ව ඇද වැටුණු අතර මිය යනතුරුම ඔහුට පියවි සිහිය ලැබි නොතිබුණි.


පිලිප් ජොයෙල් හියුස් මිය යන විට 25 වන වියේ පසුවිය. 2009 පෙබරවාරි 26 දා ටෙස්ට් වරම් ලැබූ ඔහු ඔස්ට්‍රේලියානු පිලට ටෙස්ට් තරග 26 කදී ලකුණු 1535 ලබා ශතක 3 ක් හා අර්ධ ශතක 7 ක් ලබා තිබුණි. එක්දින තරග 25 කට ද ක්‍රීඩා කරනු ලැබූ හියුස් 2013 ජනවාරි 11 දා ශ්‍රී ලංකාවට එරෙහිව මංගල තරගයට මුහුණ දෙමින් අවසන් පාකිස්තාන එක්දින තරගාවලියේ දී ද ආරම්භක පිතිකරු ලෙස තම දායකත්වය දී තිබුණි.
වයස අවු. 18 දී නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පිලට වරම් ලැබූ පිල් හියුස් තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙසට විචාරකයන් හැඳින් වූ අතර පසුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත පි‍ලේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙසට පත් වූයේය. වසර 2009 දී පිල් හියුස් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ශතක ලැබූ වඩාත් ළාබාල පිතිකරු බවට පත් වූයේ දකුණු අප්‍රිකා තරගයේදී ශතක 2 එක් කරමිනි. 

අනතුර සිදුවූ අයුරු 
28N_CRICKET HUGHES BALL FINAL1

පිල්ගේ පවුලේ උදවිය පිල්ගේ වෙන්ව යාමෙන් කම්පාවට පත්වූ අයුරු 
238BF83600000578-2851800-image-30_1417121956300 238BFC5D00000578-2851800-image-29_1417121951824

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් පිල් සිහිකොට විනාඩියක නිශ්ශබ්ධතාවයක් පැවැත්වූ අයුරු 
1512802_413606455463775_3372039553758205785_n10417554_413606388797115_2179833801943834449_n10636320_413606352130452_3101047313484734014_n

ලොවපුරා ක්‍රිකට් ලෝලීන් පිල් වෙනුවෙන් ශෝක වූ අයුරු 
neth-phil (21)neth-phil (20)neth-phil (19)neth-phil (18)neth-phil (17)neth-phil (16)neth-phil (15)neth-phil (14)neth-phil (13)neth-phil (12)neth-phil (11)neth-phil (10)neth-phil (9)neth-phil (8)neth-phil (7)neth-phil (6)neth-phil (4)neth-phil (3)neth-phil (2)neth-phil (1)
 පිල් වෙනුවෙන් තැනුන සන්වීදී වීඩියෝව බලන්න

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live