Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දින කිහිපයක් තිස්සේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ බව කියන ඌවපරණගම, බඹරපන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට ගම්මුන් එක්ව හොඳ හැටි පහරදී අල්ලා පොලීසියට බාරදී තිබේ.

ඌවපරණගම, බඹරපන ප්‍රදේශයේ සිදුවූ එකී සිද්ධිය අප වෙත වාර්තා වන අන්දමට මෙසේය.

මෙම විදුහල්පතිවරයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ එම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 8 හැවිරිදි පිරිමි දරුවෙකි.

පාසල නිමවීමෙන් පසු විදුහල්පතිවරයා පුරුද්දක් ලෙස එකී ළමයා ඔහුගේ නිල නිවාසයට රැගෙන ගොස් දින කිහිපයක් තිස්සේ මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බව පැවසේ.

විදුහල්පතිවරයාගෙන් සිදුවන මෙම කරදරය ගැන එම ළමයා පාසලේ 4 වස‍ර පංතියේ සිසුවෙකුට පවසා තිබේ.

එම ළමයා මේ ගැන ඔහුගේ මවට පවසා ඇත.

අනතුරුව මව අපයෝජනයට ලක්වූ දරුවාගේ මවට මේ ගැන දැනුම්දීමෙන් පසු මේ ගැන කතා බහක් ඇතිවී තිබේ.

ඒ අනූව ඊයේ (26) මව්පියන් පාසල නිමවන තුරු සැඟව සිටිමින් සිදුවන්නේ කුමක්දැයි බලා සිට ඇති අතර පාසල නිමවු සැණින් විදුහල්පතිවරයා සුපුරුදි පරිදි එම ළමයා ඔහුගේ නිල නිවාසයට රැගෙන අයුරු මව්පියන්ට නිරීක්ෂණය වී ඇත.

නිල නිවාසයේදී ළමයාට විදුහල්පතිවරයාගෙන් අතවරයක් සිදුවීමට යනවග සැකහැර දැනගත් මව්පියන් ක්ෂණිකව කඩාවැදී ඔහුට හොඳ හැටි පහරදී ඇතැයි පැවසේ.

අනතුරුව එම විදුහල්පතිවරයා පොලීසියට බාරදී ඇත.

සැකකරු වැඩිමහල් දරුවන් තිදෙනෙකුගේ පියෙකුද බව පැවසෙන අතර ඔහු ඌවපරණගම, ගලහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර විදුහල්පතිවරයා අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජනයට ලක්වූ ළමයා වැලිමඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය ගැන ‍ඌව පරණගම පොලීසිය පරීක්ෂණ කරයි. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live