Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පාකිස්ථානු නිළි වීනා මලික් හා ඇගේ සැමියාට මෙන්ම පාක්ස්තානයේ මාධ්‍ය ආයතනයක් වන Geo TV ආයතනයේ හිමිකරුට වසර 26 ක සිර දඬුවමක් පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී උසාවියක් මගින් ලබා දී තිබේ. 



වීනා මලික් හා එවක ඇගේ පෙම්වතා වූ අසාද් බෂීර්ගේ විවාහ උත්සවය Geo TV හරහා විකාශය කිරීමේදී පසුබිම් සංගීතය සඳහා අල්ලා දෙවියන් උදෙසා උදෙසා ගායනා කරන ආගමික ගීතයක් වන  “Ali ke Saath hai Zahra ki Shaadi’” යොදා ගනිමින් නර්තනය කළ හෙයින් මෙම සිර දඬුවම් නියමකොට තිබේ. එම වැඩසටහන විකාශය කිරීමට අවස්තාව ලබාදුන් Geo TV ආයතනයේ හිමිකරු වන මීර් ශාකිල් හටද මෙම සිර දඬුවම පනවා තිබේ.




මෙයට අමතරව පාකිස්ථානු රුපියල් මිලියන 1.3 ක දඩයක් ගෙවන ලෙසත් එය ගෙවීමට අපොහොසත් වන්නේනම් ඔවුන්ගේ පෞද්ගලික දේපල වලින් ඒවා අයකරගන්නා ලෙස උසාවිය නියමකොට තිබේ.

මේවනවිට වීනා මලික්, ඇගේ සැමියා මාධ්‍ය ආයතනයේ හිමිකරු රටින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. 


අපහාස වන ආකාරයට ඉදිරිපත්කළ නර්තනය පහත වේ. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live