පියයුරු කුඩා කර ගැනීම සදහා සැත්කමක් කරගත් කාන්තාවකගේ සැත්කමින් පසුව පියයුරු වලින් සැරව ගැලීම නිසා ඇය සැත්කම කල වෛද්‍යවරයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ කාන්තාව අවුරුදු 41ක් වයසැති පෑලියගොඩ පදිංචි අයෙකි.ඇය මාලබේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් මෙම සැත්කම සිදු කර ගෙන තිබේ.
මේ සැත්කම සදහා ඇය පසුගිය 19 වනදා එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී ඇය සැත්කම කර ගැනීම සදහා රුපියල් 50,000 මුදලක්ද ලබාදී තිබේ.
මේ සැත්කම සදහා තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරයා පවසා ඇති අතර ඒ මුදල් බැර කිරීම සදහා ඇයය වෛද්‍යවරයා ගිණුම් අංකයද ලබාදී තිබේ.නමුත් තම පියයුරු වලින් සැරව ගලන බවට ඇය වෛද්‍යවරයාට පැවසුවත් වෛද්‍යවරයා එය ගණන් නොගෙන ඉතිරි මුදල ඉල්ලා තිබේ.ඇය ඒ සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිලි කර තිබේ.
ඇය දැන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජතික රෝහලට ඇතුළත්වී ඇති බව සදහන්.