Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

WimalW_lankanewsalert_30_07_2014

මීළඟ ජනාධිපතිවරණයේදී ඊළාම් සිහිනය සැබෑ කරගත හැකි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම සඳහා බෙදුම්වාදී සියළු දෙස් විදෙස් බලවේග ඉතා සියුම් සැලසුම් රැසක් දැන් සිටම සැලසුම් කරමින් පවතින බවත් රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයින් එකතු වී මෙම සියලු සැලසුම් පරාජය කිරීමට එකාවන්ව පෙළගැසී සිටිය යුතු බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ අන්සානි හිදී ඊයේ (09) දින පැවති දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රැස්වීමක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

රටක් ඉදිරියට ගමන් කිරීමේදී අභ්‍යන්තර ගැටුම් සිදුවුණොත්, ඒක රටේ ගමනට විශාල බාධාවක්.වසර 30 ක් තිස්සේ පැවති කොටි ත්‍රස්තවාදය නිසා රට විශාල වශයෙන් ආපස්සට ගියා. කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරලා තවම වසර 5 යි. මෙම වසර 5 තුළ රට යළි ගොඩනැගීමේ කාර්යය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. ජන ජීවිතය තුළ බිඳ වැටුණු මානසිකත්වය යළි ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. මාරාන්තික පිළිකාව අපි සනීප කරගෙන ඉවරයි. ඒක නිසා රටේ ඉදිරිය ගැනයි අප කතා කළ යුත්තේ.රණවිරුවන් දිවිහිමියෙන් බේරාගත් රට යළිත් ආපස්සට යන්න දෙනවාද? එසේ නොවන්නට අපට විශාල වගකීමක් තියෙනවා. නමුත් යළි රට ගැටුමකට පොළඹවන තත්ත්වයක් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දෙස් විදෙස් බෙඳුම්වාදීන් බෙඳුම්වාදය වෙනුවෙන් පෙනීසිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සියුම් සැලසුම් දැන් සිටම ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දැන් සිටම ප්‍රකාශ කරනවා, ඔවුන් සහයෝගය ලබාදෙන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළ පසුව උතුරෙන් හමුදා කඳවුරු සියල්ලම ඉවත් කරනවා, උතුරේ බුදුපිළිම ගලවලා අයින් කරනවා කියලා.බටහිර රටවලින් එන ඇතැම් නියෝජිත මහත්වරුන් කෙලින්ම යන්නේ උතුරට. කොටි සංවිධානයට හිතවත් "උදයන් ” පුවත්පතේ කාර්යාලයට. මේවා එහෙම වෙන්නේ ඇයි? උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනවා කියලා දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන විට රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා කියනවා,ඔහු බලයට පැමිණියහොත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරනවා කියලා.ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වුණොත් ඉඩම් හා පොලිස් බලතල උතුරු පළාත් සභාවටත් ලබා දෙනවා කියන එකයි. එවිට මේ රටේ ඇතිවන තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ. සටන් විරාමය ක්‍රියාත්මක වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී. එම ඊනියා සටන් විරාම ගිවිසුමත් සමඟ කොටි උසාවි කොටි පොලිසි සහ කොටි බැංකුවලටත් උතුරේ පිළිගැනීමක් ලැබුණා.
ඒක නිසා යළි ඊළාම් සිහිනය සැබෑ කරගැනීමේ කාර්ය සඳහා සියළු බෙදුම්වාදීන් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන සියලු සැලසුම් පරාජය කිරීමට අප එකාවන්ව පෙළගැසිය යුතුයි.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එක් බටහිර තානාපති කාර්යාලයක් දැන් සිටම තරුණ තරුණියන් පන්දහසක් පමණ බඳවාගෙන සමාජ වෙබ් අඩවි ආණ්ඩු විරෝධී වන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. එම තරුණ තරුණියන්ට විශාල වැටුපක් ගෙවනවා. ඒ ගෙවන්නේ ඒ තානාපති කාර්යාලය නියෝජනය කරන බටහිර රටක රාජ්‍ය නොවන සංවිධානයක් විසින්මයි.2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර ඡන්ද පරතරය ලක්ෂයක්. දෙකක් වුණා නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය හෑල්ලු කරලා රටේ අභ්‍යන්තර ගැටුම් ඇතිකිරීමේ සැලැස්මක් බටහිර ඇතැම් තානාපති කාර්යාල හරහා ක්‍රියාත්මකවීමට ඉඩ තිබුණාග සරත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායම කොළඹ තරු පහේ හෝටලයකට වෙලා හිටියෙත් එම සැලසුම ක්‍රියාත්මක කරන්න. මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජයග්‍රහණය කළ නිසා එම සැලසුම ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැරිවුණා.එම නිසා දෙමළ ඩයස්පෝරාවටල දෙමළ ජාතික සන්ධානයටල බෙදුම්වාදී දෙස් විදෙස් බලවේගවලට අවශ්‍යවෙලා තියෙන දේ ඉතා පැහැදිලියි.
ඔවුන් තවම සහාය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයාටද? කියලා එළිපිට කියන්නේ නැහැ. එහෙම වුණොත් සිංහල ජාතිකයින්ගේ ඡන්ද එම අපේක්ෂකයාට නොලැබෙන්න පුළුවන් නිසා ඔවුන් විවිධ උපක්‍රම ඒ ඡන්ද ලබාගැනීමටත් යොදමින් සිටිනවා.රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයින් එක්වෙලා මේ සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි ”

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live