Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


budhdhika_lankanewsalert_23_10_2014පසුගිය දෙසැම්බර් මාසයේ තම මිත්තණිය සමග සිටියදී පැහැර ගැනීමට ලක්වු සුබ්‍රනියම් ආරුමුගම් බුද්ධික දරුවා දඹුල්ලේදී සොයා ගෙන තිබේ.ඒ යාචකයෙකු සමග සිටියදීය.
එසේම මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ මව අම්බලංගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණා.ඒ පසුගිය දෙසැම්බර් මස 13 වනදායි. පසුව දරුවා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත දරුවාගේ මිත්තණිය දරුවාගේ ඡායාරූප තැනින් තැන අලවමින් ජනතාව දැනුවත් කරමින් දරුවා සෙවීමට කටයුතු කලද ඒ කිසි දෙයකින් ඵලක් වූයේ නැත.
පසුව මෙම දරුවා සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට තොරතුරක් ලබා දෙමින් පුද්ගලයෙකු සදහන් කලේ ,දරුවා යාචකයෙකු සමග මිරිස්ගෝනියාව පාලම යට රැදී සිටින බවයි.
ඉන්පසුව ක්‍රියාත්මකවු පොලිසිය දරුවා පොලිස් භාරයට ගත් අතර සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.සැකකරු දිගින් දිගටම සදහන් කලේ ,දරුවා තමාගේ බවයි.ඔහු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ දරුවාගේ නියම භාර කරු සෙවීම සදහා ඩි.එන් .ඒ පරීක්ෂණයක් සිදු කරන බවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live