Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


PAWITHRA & PATALIlankanewsalert_25_10_2014-Recovered2012 වර්ෂයේදී නොරොච්චෝලේ බලාගාරයට ගල් අගුරු ආනයනය කිරීමේදී රුපියල් කෝටි 150ක වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදුලි බල හා බල ශක්ති ඇමිතිණි පවිත්‍රා දේවි වන්නිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කලා.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ පැවති (24) මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලි චම්පික සදහන් කලේ අවුරුදු 02කට පසු මතුවු මේ ගැටළුවේ යම් අකටයුත්තක් සිදුවී ඇත් නම් පරීක්ෂණ සිදු කර අදාළ අයට දඩුවම් ලබාදිය යුතු බවයි.වැරදී කරන අයට දඩුවම් ලබා නොදීම මේ රටේ පවතින වැරැද්දක් බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා ප්‍රශ්න කල අතර එහිදී පිළිතුරු ලබා දුන් පවිත්‍රා වන්නිආරච්චි ,

"2012 නොවැම්බර් මස ආනයනය කල ගල් අගුරු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස් තුන්දාහස් නවසිය තිස් දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.මෙම ගල් අගුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා මුළු අලාභය රුපියල් එකසිය පනස් කෝටි හැත්තෑ ලක්ෂ හතළිස් හතරදාහස් එකසිය දසයයි සත විසි පහකී.කිසි සේත් රජය වැරදි කරුවන්ම ආරක්ෂා කරන්නේ නෑ "
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලි චම්පික කියා සිටියේ තමා විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධූරය දරන කාල සීමාවේදී මෙය සිදු වූවා නම් වැරදි කරුවන් සොයා දඩුවම් ලබා දිය යුතු බවයි.
මෙවැනි තාක්ෂණික වංචාවන් රට පුරා සිදු වන බවත් මේ ගල් අගුරු බෑම නිතීපතිවරයාගේ උපදෙස් මත සිදුවූ බවත් තමන් මෙය නිතී විරෝධි ගණුදෙනුවක් බව ප්‍රකාශ කල බවත් අමාත්‍යවරයා කියා සිටියා. මුල්ම ගල් අගුරු ඩෙන්ඩරය 2012 වර්ෂයේදී ලබා දී ඇති අතර එහි ගැටළුකාරී තත්ව රැසක් පවතින අතරම 2012 වර්ෂයේ සිට අවුරුදු 02ක් පුරාවටම නිල ටෙන්ඩරයකින් තොරව ගල් අගුරු සපයන බවත් ඒ පිළිබද පරීක්ෂණයක් සිදු කල යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කලා.
දේශපාලන නියෝජිතයන්ට වඩා ප්‍රධාන ස්ථාන වල සිටින ඇතැම් නිළධාරීන් සුදු කරපටි අපරාධකාරයන් ඉතා දූෂිත බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live