කාන්තා ක්රිකට් ක්රිඩාකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන බව ශ්රි ලංකා ක්රිකට් ආයතනය පවසයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
මේ පිළිබද සොයා බැලීම සදහා කමිටුවක්ද පත් කර තිබේ.මේ අතර අතර මග නතරවූ ඉන්දු බටහිර කොදෙව් තරග වෙනුවට ඉන්දියාවේ සංචාරයක් සදහා ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම යොමු කිරීමට ක්රිකට් බළධාරීන් කටයුතු කල පුවතක් සම්බන්ධයෙන් අප වාර්තා කලා.ලෝක කුසලාන තරගාවලියක් අත ළග තියාගෙන රටේ ක්රිකට් ක්රිඩාව මුදල් වලට බිලි බා ගැනීමට ඉඩ කඩ ලබා දෙමින් ක්රිකට් බළධාරින් සිදු කිරීමට ගිය ඒ පුවත සම්බන්ධයෙන් නම් අප තුළ ඇත්තේ මහත් පිළිකුලකී.
සමහර ආයතනවලදී යම් තත්වයක් ලබා ගැනීම වෙනුවෙන් එම ආයතනයේ උසස් නිළධාරීන්ට ලිංගික අල්ලස් ලබා දීමට කාන්තාවන්ට සිදුව තිබේ.ක්රිකට් ක්රිඩාව සම්බන්ධයෙන් දැන් නම් ක්රිකට් ලෝලීන් පවා දැඩි පිළිකුලක් දක්වයි.ඒ වෙන කවර හේතුවක් නිසාවත් නොවේ.ඒ ක්රිකට් ක්රිඩාව මුදල් සහ ලිංගික අල්ලස් වලට යටවන නිසායි.