ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙවර ඉදිරිපත් කල අය වැය ෆොටෝ කොපි අය වැයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂිම් පවසයි.ඔහු මේ බව සදහන් කලේ ඊයේ(27)පාර්ලිමේන්තුවේදීය.ජනාධිපතිවරයාට කිසිම දිනක නව අය වැයක් සකස් කිරීමට අවශ්‍ය නොවන අතරම අවශ්‍ය වන්නේ රැප් එකක් දමා අය වැය ඉදිරිපත් කිරීම පමණක් බවද ඔහු සදහන් කලා.
ජනාධිපතිවරයා විසින් 2014 වර්ෂයට ඉදිරිපත් කල අය වැයෙත් සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් විවිධ අබාධ වලින් පෙලෙන පුද්ගලයන් සදහා රුපියල් 3000ක ජීවන ආරක්ෂණයක් ලබා දෙන බවට සදහන් වන අතරම 2015 අය වැයෙත් 15 වන පිටුවේද අබාධ වලින් පෙලෙන පුද්ගලයන් සදහා රුපියල් 3000ක ජීවන ආරක්ෂණයක් ලබා දීමට යෝජනා කරන බවට සදහන්වී තිබිමෙන් ජනාධිපතිවරයා එකම දෙය කියවා කියවමින් සිටින බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.
මේවා කතා කරන්න ලැජ්ජා බවත් ෆොටෝ කොපි අය වැයෙන් ඵලක් නොවන බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.
මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතු ඇමති අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මෙවර අය වැයෙදී එජාපය අන්ද මන්දවීඇති බවයි.කබීර් හෂීම්ලාගේ ප්‍රකාශ වලින් එය තහවුරු වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.
එසේම මෙවර අය වැය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සකස් කල අය වැයක් බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායකයි.ඌව පළාත් සභාව තුළදී මැතිවරණ කොමසාරිස්වරයාගේ අණ නොතකමින් නියං සහනාධර ලබා දෙමින් කටයුතු කල ආණ්ඩුව මෙවරද සුදානම් වන්නේ එබදු දෙයකට බව තිස්ස අත්තනායක පෙන්වා දුන්නා.
ඉන්පසුව පාර්ලිමේන්තුව ඇමතු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ නියං සහනාධාර ලබා දුන්නත් ඌව පළාත් සභාවේදී තමාගේ ආසනය පරාජයට පත්වූ බවයි.ඡන්ද කාලයට වැඩ කර ජයග්‍රහණය කල නොහැකි බවද ඔහු පෙන්වා දුන්නා. තමාගේ ආසනය පැරදීම සම්බන්ධයෙන් එජාපයට චූන් එකක් ඇතිවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.තමා පැරදුණු ප්‍රථම අවස්ථාව මෙය නොවන අතරම තමා ජයග්‍රහණය කලාටත් වඩා වැඩියෙන් පරාජයවූ වාර ගණන වැඩි බවද ඔහු කියා සිටියා.
ඉන්පසුව අය වැයට එරෙහිව කරුණු ඉදිරිපත් කල ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රකාශ වලට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේයි. සුනිල් හදුන්නෙත්තිගේ බිරිද ගුරුවරියක් බවත් අය වැය සහන යටතේ ලබා දෙන මෝටර් සයිකලය ඇයටද ලැබී ඇය සේවය නිමවා එයින් නිවසට පැමිණෙන විට ආඩම්බර කාටද යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කලා .ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී හදුන්නෙත්ති මහත්මියගේ ඡන්දයත් ජනාධිපති රාජපක්ෂට බවයි අමාත්‍යවරයා සදහන් කලේ.