Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


MR_lankanewsalert_24_10_2014-Recovered

මෙවර අය වැයේදී සිදු කල බදු සංශෝදන අනුව වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පහළ යන බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය ප්‍රකාශ කලා.වාහන‍ අනයනයේදී ‍ පැවති බදු වර්ග 5 ක් වෙනුවට මෙවර අයවැයෙන් එක් නිෂ්පාදන බද්දක් හඳුන්වා දුන්නා.


ඒ අනුව වෑන් රථ සඳහා පැවති152% ක් වූ බදු ප්‍රමාණය 98% ක් දක්වා පහළ ගොස් තිබේ. එන්ජින් ධාරීතාව අඩු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සඳහා වූ මිල ගණන් ද පහළ යන බවයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
පසුගියදා ජනාධිපති රාජපක්ෂ අය වැය ප්‍රකාශයට පත් කරමින් සදහන් කලේ ,මෝටර් රථවල රේගු බද්ද සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථවල රේගු බද්ද සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩු කරන බවයි.මේ හරහා මෝටර් රථවල මිල ගණන් වල කැපී පෙනෙන වෙනසක් සිදු වුණා.
නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වාත් කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ ගියා .

එසේම භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 ක්ව තිබූ බද්ද සියයට 100ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩු කරනු ලැබුවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live