Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


Koslanda_lankanewsalert_29_10_2014

නායයෑම් ඉතිහාසයේ මධ්‍ය කඳුකරයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය සනිටුහන් කරමින්, කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයාමකින් තුන්සියයකට අධික පිරිසක් අතුරුදන්වී තිබේන බව මේ වනවිට අනාවරණය වී තිබේ.අධික වර්ෂාවත් සමග උදෑසන 7.15ට පමණ මෙම නාය යෑම සිදු වී ඇති අතර ලයින් කාමර පේළි 7ක්, රජයේ නිවාස 3ක්, ප්‍රජා ශාලා 1ක්, කඩකාමර 2ක්, කිරි මධ්‍යස්ථාන 2ක්, කෝවිලක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී නිල නිවාසයක් නාය යාමට හසු වී සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ.


නායයාමෙන් මිය ගිය හය දෙනෙකුගේ සිරුරු සවස වන විට සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළ අතර මෙම සංඛ්‍යාව ඉහළගොස් ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කළා.
පස් ඉවත් කිරීම අපහසු බවත් එසේ කරන්නට ගියහොත් අනෙක් කඳු ද නාය යෑමේ අවදානමක් මතු විය හැකි බව අපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.දුර බැහැර රැකියාවල ගොස් සිටින අයට සිය ඥාතීන්ගේ සිරුරු හෝ දැක ගැනීම සඳහා මීරියබැද්දේ සිරුරු ගොඩ ගන්නැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කල ඉල්ලිමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සවස් වන විටත්, නායයෑම සක්‍රීයව පැවැති බැවින්, විපතට පත්වූවන් සෙවීම ඉතාම අසීරු කටයුත්තක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළා.

මේ වන විට ගුවන් හමදාව සහ යුධ හමුදාවේ 500කට වැඩි පිරිසක් මේ වනවිට හපුතලේ බෙරගල කොස්ලන්ද මීරියබැද්දේ නාය ගිය ප්‍රදේශයේ සහන කටයුතු සඳහා පිටත්ව ගොස් සිටී. අසීරු කාලගුණික තත්ත්වයේ වුවද අවශ්‍ය සහන සැලසීමට අදාල සෙබලුන් කටයුතු කරන බව යුධ හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර පැවසීය.හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ගුවන් හමුදාව සහන සැලසීමට එක්ව සිටින අතර පොලිසියේ සහයද ලැබී තිබේ.
කොස්ලන්ද ඛේදවාචකයෙන් පසු නාය යාම් සිදුවිය හැකි අවට වතු හදුනාගෙන එය වැලැක්විම සඳහා පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දැනුම් දි ඇතැයි වැවැලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ පාර්ලිමේන්තුවේදි අද (29)ප්‍රකාශ කළේය.
Koslanda01

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live