Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


SEX_onlinefirst_18_11_2013

සම්බාහන මධ්‍යස්ථාන සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා බලපත්‍ර කී දෙනෙකුට ලබාදී ඇත්දැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පි.හැරිසන් ඊයේ (28)පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලා.


එයට පිළිතුරු ලබා දෙමින් දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක කියා සිටියේ ,දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ නියාමනයට ඇතුළත් වන පරිදි සම්බාහන මධ්‍යස්ථාන 60ක් පමණ පවතින බවයි .නමුත් මුළු රටේම තුන්දහස් ගාණක් රටේ ලියාපදිංචිවී ඇති බවද අමාත්‍යවරයා සදහන් කලා.ලියාපදිංචි කල තැන් නියාමනය කිරීමේ බලයක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අනුරාධපුර නගර සභා සීමාවේ පමණක් සම්බාහන මධ්‍යස්ථාන 34ක් පවතින බව මෙහිදී හැරිසන් මන්ත්‍රිවරයා සදහන් කල අතර මිහින්තලේ 03ක් පවතින බවද ඔහු අවධාරණය කලා.චීනයෙන් සහ තායිලන්තයේ පිරිස් වෙදකම් කිරීම සදහා අනුරාධපුරයට පැමිණ ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.මේ සියළු සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කල වැඩි කාලයක් ගතවී නොමැති අතරම ශ්‍රි මහා බෝධින් වහන්සේ සහ රුවන් වැලි චෛත්‍ය ඉදිරිපිට තියාගෙන පළමු නයිට් ක්ලබ් එක අනුරාධපුරයේ ආරම්භ කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කලා.

ශ්‍රි මහා බෝධින් වහන්සේ දිහා බලාගෙන රජය නටන මේ නාඩගම් නැති කිරීමට රජය ගෙන ඇති විසදුම් කවරේද යන්න මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලා.එහිදී පිළිතුරු ලබා දුන් අමාත්‍ය සාලින්ද සදහන් කලේ නයිට් ක්ලබ් සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදු නොකල හැකි බවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live