මහින්දෝදය විද්‍යාගාර, පරිගණකගාර ගමේ පාසල් වල ඉදිකරමින් අධ්‍යාපනයේ වෙනස් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණ බවද නියෝජ්‍ය කතා නායකවරයා මෙහිදී කියා සිටියා.
මහින්දෝදය විද්‍යාගාර සකස් කරමින් කටයුතු කරන ආණ්ඩුවම මෑතකදී සරසවි සිසුන්ට ලබාදුන් සංග්‍රහය පිළිබදවද අප අමුතුවෙන් කතා කල යුතු නැත.අධ්‍යාපනය රැකීමට යැයි සිටින බළධාරින් සරසවි සිසුන්ට තඩි බෑවේ කිසිදු හිතක් පපුවක් නොමැති ආකාරයටයි.ඡන්දේ නැත්තම් මුන්ට හොදට සලකනවා යැයි කියමින් පම්පෝරි ගැසුවේද ආණ්ඩුවේම සිටින ඇමති එස්.බී බව අමුතුවෙන් කිව යුතු නැත.
නිදහස් අධ්‍යාපනය රැකීමට පාරට බසින දරුවන්ගේ ජිවීත ඉලක්ක කර ගනිමින් කටයුතු කරන ආණ්ඩුවම විටෙක අධ්‍යාපනයේ වෙනසක් ඇති කල බව සදහන් කිරීම අතිශයින් කණගාටුදායකයි.මහින්දෝදය කෙසේ වෙතත් රටේ නිදහස් අධ්‍යාපනය නම් චකබ්ලාස් කිරීම මේ ඇමතිවරුන් අතින් සිදුවීම වැඩි ඈතක නොවේ.