Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉහළ තලයට පැමිණ ඇති නිසා අපේ ආචාර්ය, මහාචාර්යවරුන්ට නැවතත් ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ්වලින් ආරාධනා ලැබෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පවසයි.


පසුගිය (11) වැනිදා අනුරාධපුර තලාව යුද හමුදා ඉංජිනේරු සේවා පුහුණු පාසලේ පැවති නායකත්ව හැකියා සහ ධනාත්මක චින්තනය වර්ධනය කිරීමේ පාඨමාලාව හදාරන විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් අමතමින් අමාත්‍යවරයා සදහන් කලේ පසුගිය කාලය තුල අපේ විශ්වවිද්‍යාලවල විශාල ප්‍රබෝධයක්‌ පිබිදීමක්‌ ඇති වු බවය.
කතාවනම් සහතික ඇත්තය එස්‌. බී. යුගයේ තරම් විශ්වවිද්‍යාලවල විශාල ‌ පිබිදීමක් ඇතිවු තවත් යුගයක් තිබේනම් එය දෙවැනි වන්නේ රටේ පැවති භිෂණකාරී යුගයට පමණක් බව හොදටම සහතිකය.ඇමතිවරයා බලාසිටියදිම සිසුන්ගේ ඔළුගෙඩි පැලිම,ලෝකයේම සිටින සතුන්ගේ නම් කියමින් ඔහුන්ට නිග්‍රා කිරිම වැනි දැ හැරුනු විට වෙනත් පිබිදීමක් ගැන රටේ දුප්පත් අහිංසක දරුවන්ගේ දෙමාපියන් අසන්නට ලැබුනේ නැත.

"මැතිවරණයක් ලඟ එන නිසා අපි මුන්ට සැලකුවේ නෑ...නැත්නම් අපි හොදට සලකනවා......" ඒ ඇමැති එස්‌. බී. දිසානායක පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට දුන්න පණිවිඩය.ඒ පණිවිඩයෙන් දින කිහිපයක් ගතවන විට එස්.බි මැර හමුදාව සිසුන්ගේ ඔලුවට පහරදි අට්ටාලයද ගිනිබත් කලාය.
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට විදේශ සංචාර ලබා දෙමින් මානසිකව අල්ලස් දෙන එස්.බි අවසානයේ ශිෂ්‍ය මර්දණයට බය නැතුව අත තියන්නේ උපකුලපතිවරුන්ට එවාට මැදිහත් විමට අවස්ථාව නොතියාමය. රටේ නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවේ ආණ්ඩුවේ මැරකම්,ජඩකම් වසා ගැනිම සදහා කොස්තාපල් පුණ්‍යසෝම තියරීය ආනුගමණය කරනවා සේම විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව උපකුලපතිවරුන්ට භාවිතා වන්නේ ඉතා අප්‍රසන්න අකාරයටය.
එස්.බි ඇමතිට අමතකවු එයක් මතක් කර සිටිය යුතුය මේ අකාරයට රටේ බුද්ධිමත් ජනතාවගේ හඩට කන් නොදි සිසුන්ගේ අයිතිවාසිකම් යටපත් කරමින් මැරකමින්,ජඩකමින් උසස් අධ්‍යාපණය යටපත් කිරිමට දිගින් දිගටම කටයුතු කලහොත් ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මැර ලැයිස්තුවේ අංක 1 හිමිකර ගැනිම වැඩි ඇතක නැත.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live