Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සමාජයේ නිසි තැන ලබා ගැනීමට නම් අනිවාර්යෙන්ම හොද අධ්‍යාපනයක් ලබා ගත යුතු බව ඊයේ (14) ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.හොරුන්ට රැගෙන යෑමට නොහැකි එකම දෙය අධ්‍යාපනය වන අතරම ලෝකයම ජය ගත හැකි වන්නේ ඒ තුළින් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ.


ජනාධිපතිවරයා මේ සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් නම් ඔහුගේ කටේ රන් මසුරන් දැමීමට පවා සුදුසු වේ.නමුත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් කටයුතු කල ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව බව අමුතුවෙන් කිව යුතු නැත.රටේ නිදහස් අධ්‍යාපනය භාරදී ඇති ඇමතිවරුන් කොතෙක් දුරට තම පටු අරමුණු වෙනුවෙන් ඒ අධ්‍යාපනය විනාශ කරමින් පවතීද යන්න බුද්ධිමත් ජනතාව හොදාකාරවම දනී .
දරුවන්ගේ ජිවීත මුදල් බවට පත් කරගනිමින් රජය කටයුතු කරන අතරම දැන්වත් විය යුත්තේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට හැකි වන ලෙස දරුවන්ගේ මනස හැදීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමයි.රටේ කඩඉම් විභාග පැවැත්වුවහොත් 100% එය නිවැරැදි ලෙස පවත්වා ගැනීමට වත්මන් රජයට හැකි වන්නේ නොමැත.ඔවුන් කුමන විභාගයක් පැවැත්වුවත් දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර වරද්දමින් කටයුතු කරනු ලැබේ.එය පුරුද්දක් වශයෙන් සිදු කරනවාද යන්න අපට සැකයක්ද පවතී.

රජයේ මූලික වගකීම වන්නේ මේ පිළිබද පම්පෝරි ගැසීම නොව වැඩක් කල හැකි ආණ්ඩුවක් බවට දරුවන්ට ඔප්පු කර පෙන්වීමයි.විශේෂයෙන්ම රටේ උසස් අධ්‍යාපනය භාරව සිටින ඇමති එස්.බී ගේ හැසිරීම වෙනුවෙන් පංතියක් පවත්වා ඔහුට හැසිරීමට ඉගැන්වීමටත් ඇමති බන්දුලට අඩුමතරමේ කතා කිරීමට අවශ්‍ය කරුණු පැහැදිලි කර දීමටත් රජය කටයුතු කල යුතුයි.එසේත් නැතිනම් දරුවන්ගේ හදවත් දිනා ගැනීමට හැකි සංවේදි පූද්ගලයන්ට රටේ නිදහස් අධ්‍යාපනයත් දරුවන්ගේ ජිවීතත් භාර කල යුතුයි.
අධ්‍යාපනය කිසි වෙකුටත් සොරා ගත නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කලා.එය ඉතිහාසය පුරාවටම අපද අසා ඇති කතාවයි.නමුත් අධ්‍යාපනය පවා හොරකම් කිරීමට දක්ෂ ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවේ සිටිති.එසේනම් අධ්‍යාපනය පවා කප්පාදු කලේ වෙන කිසිවෙකුත් නොව රාජපක්ෂ පාලනය බව අපගේ අදහසයි.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live