Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බඩු මිල අඩු කිරීම වෙනුවට ආදයම් වැඩි කිරීම සිදු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.විපක්ෂනායකවරයා සදහන් කලේ ,ආණ්ඩුව අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට පෙර රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා ඇති ඉල්ලිම් වලට සහන ලබාදිය යුතු බවයි.


විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් පිරිසක් විපක්ෂනායකවරයා සමග පැවති සාකච්ඡාවේදී.
ජනතාවට කිසිදු ලෙසකින් සහන ලබා දීමට ඉදිරිපත් නොවු රාජපක්ෂ පසුගිය දින වලදීම එක්වරම ජනතාවට සහන ලබාදීමට තීරණය කලා.ඒ විදුලි බිල අඩු කිරීම ,ගෑස් මිල අඩු කිරීමෙනි.රාජපක්ෂ එය සිදු කලේ ජනතාවට ඇති ආදරයට නම් නොව ඉදිරි මැතිවරණයකට සුදානම් වන බව ජනතාවට ඇගවීමටයි.නමුත් ජනතාව එය හොදාකාරවම තේරුම් කර ගැනීම සිදු නොකලහොත් ඉදිරියේදී නියත වශයෙන්ම කණගාටුවට පත් වන්නට සිදු වන්නේ රටේ ජනතාවටයි.
ජනතාව ගන්නා හුස්ම ටිකට ඇර සෙසු සියල්ලටම බදු ගැසීමට කටයුතු කල ආණ්ඩුව හරහාම ජනතාවට සහන ලබා ගැනීමට මේ වන විට වෘත්තීය සමිති කටයුතු කරමින් සිටී.ආණ්ඩුව ලවා සහන ලබා ගැනීමට මේ තරම් හොද කාලයක් පැමිණෙන්නේද නොමැත.දැන් රාජපක්ෂට භාණ්ඩාගාරය හිස් කර හෝ ජනතා අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට කටයුතු කල යුතුයි.මක් නිසාද යත් ජනතාවගේ ආදයමට සරිලන ලෙස ජීවන බර නොමැතිවීම නිසා ජනතාව හෙම්බත් වීම නිසාවෙනි.රටේ ජනතාව මෙතරම් අපහසුතාවයකට පත් කරමින් රාජපක්ෂ පවුල පොහොසත් කර ගැනීම මේ වන විටත් අවසන්වී නොමැත.දැන්වත් රටේ ජනතාව බුද්ධිමත්ව සිතා ඉදිරියේදී නිවැරදි තීරණයක් ලබා ගැනීමට කටයුතු කල යුතුයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live