Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


sabaragamuwa_lankanewsalert_21_10_2014-Recovered

සබරගමුව සිසුන්ට පසුගිය දිනවලදී පහර දීම සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු බලංගොඩ පොලීසියට බාරවු පුවතක් සම්බන්ධයෙන් අප වාර්තා කලා.


පසුව අදාළ මන්ත්‍රිවරයා ඇතුළුව 05 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. සරසවි සිසුන්ගේ ගැටළු වලට විසදුම් ඉල්ලා සබරගමුව, පඹහින්න මන්සන්ධියේ අට්ටාලයකට නැඟ සිසුන් පිරිසක් ගෙන ගිය උපවාසයට පහර දීම සම්බන්ධවයි අදාළ මන්ත්‍රිවරයාට චෝදනා එල්ල වුණේ.
දින කිහිපයක පටන් සරසවි සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මේ රාජ්‍ය ත්‍රස්තගැති ප්‍රහාරයන් සම්බන්ධයෙන් බහුතරයක් සරසවි සිසුන්ගේ දෙමාපියන්ගේ සිත් තුළ ගිනි දැල් අවිළෙමින් පවතී.පිට පිට ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අරගල කල සරසවි සිසුන්ට අවසානයේ ඉතිරි වූයේ ඔවුන්ගේ ඉල්ලීම් වලට විසදුම් නොව ශාරිරික වධ හිංසායි.සිසු ගැටළු විසදීමට අද වන තුරු ආණ්ඩුවේ බළධාරියෙකු සිසුන් ඉදිරියට පැමිණියේ නැත.පැමිණි එකම චණ්ඩියා වන ඇමති එස් .බී දිසානයකත් සදහන් කලේ "ඡන්දේ නොතිබුණා නම් මුන්ට හොදට සලකනවා " යනුවෙනි.නිදහස් අධ්‍යාපනය වළපල්ලට අපි ඡන්දෙට මෙන් කටයුතු කරන මේ ආණ්ඩුවේ ක්‍රියා දාමයන් සම්බන්ධයෙන් දැඩි අපහසුතාවයට පත් වන්නේ අහිංසක දෙමාපියන්ගේ සිත් බව රාජපක්ෂලා නොදන්නේද ?

පසුගිය දිනවලදී එක් වරම උපවාස කල සිසුන්ට පහර දුන් ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රි ඉන්දික ජයමාන්න තවත් සිව් දෙනෙකු මෙයට හවුල් කර ගැනීම පට්ටපල් බොරුවකී.සිසුන් සදහා පහර දීම සිදු කිරීම මෙහෙය වනු ලැබුවේ තනිවම ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රි ඉන්දික ජයමාන්න විසිනි.අනෙක් සිව් දෙනා නිකරුණේ හිස මත ගූ ඇති ඉස්සන් සේ කටයුතු කරනු ලබයි.
ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත ඉන්දික ජයමාන් මන්ත්‍රිවරයා එම පහර දීම සිදු කල බවයි වාර්තා වන්නේ.අවසනායේදී ආණ්ඩුව නොම්බර් එකට පත් වීම සදහා ඉන්දික ජයමාන්න බිල්ලට දී එක් උපක්‍රමයක් දියත් කරමින් සිටී.ජනතාව බත් කන හරකුන්සේ සලකමින් රාජපක්ෂලා ප්‍රමුඛ ඉන්දික ජයමාන්නලා මේ සිදු කරන අසික්ඛිත වැඩ වලට මේ ආත්මයේදීම දිට්ඨ ධම්මවේදනීය වශයෙන් කල කම් පලදීම සිදුවනු ඇත.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live