Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

HELA URUMAYA_lankanewsalert_22_10_2014-Recovered


ඉදිරි මැතිවරණය පිළිබද සාකච්ඡා කිරීම සදහා ඊයේ (21) ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වුණා.මෙහිදී ජනාධිපති රාජපක්ෂ හෙළ උරුමයේ සාමාජිකයන්ට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එකට ඉදගෙන විනාඩි 05ක් හෝ කතා කිරීමට තරම්වත් ජනාධිපතිවරයා කැමැත්තක් දක්වා නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.මේ සාකච්ඡාව සදහා ඕමල්පේ සෝභිත හිමි ,රතන හිමි ,අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ උදය ගම්මන්පිල ,නිශාන්ත ශ්‍රි වර්ණසිංහද සහභාගිවී තිබේ.
එහිදී දැඩි කෝපයෙන් යුතුව කටයුතු කල ජනාධිපතිවරයා ජාතික හෙළ උරුමයේ පිරිසට බැණ වදිමින් අරලිය ගහ මන්දිරයෙන් එළවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
රාජපක්ෂට ඕනෑ විදිහට පිරිස් නටවා ගැනීමට නොහැකිවූ අවස්ථා වලදී ඔහු කටයුතු කරන්නේ මේ ආකාරයට බව අප අමුතුවෙන් ප්‍රකාශ කල යුතු නැත.රාජපක්ෂගේ අරලියහ මන්දිරයේ ඉදුල් කමින් සිටින පිරිස් රාජපක්ෂ විසින් දොහොත් මුදුනේ තබා පිළිගනු ලබයි.නමුත් රාජපක්ෂට හිගමනේ නොයන පිරිස් වලට අද රාජපක්ෂ සංග්‍රහා කරනුයේ මේ ආකාරයටයි.
ඉල්ලිම් ඉල්ලන සරසවි සිසුන්ට ,ජනතාවට ආණ්ඩුව පිළිතුරු ලබා දෙන්නේ වෙඩි උණ්ඩ ,කදුළු ගෑස් සහ බැටන් පොළු හරහායි.ඒ ඔවුන් රාජපක්ෂට කඩේ නොයන නිසායි.නමුත් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවලට යටවී සිටින ඇමති විමල් ඇතුළු කිහිප දෙනෙකුටනම් රාජපක්ෂ අරලියගහ මන්දිරයේ ඡායාරූප රාමු කර එල්ලා දුම් ඇල්ලීමත් කරනු ලබයි.
අප මේ සම්බන්ධයෙන් විමසීම සදහා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රි වර්ණසිංහට දුරකතන ඇමතුමක් ලබා දුන්නත් ජනාධිපතිවරයා තමාට බැණ වැදී බව ප්‍රකාශ කිරීමටවත් ඔහුගේ කොන්ද ප්‍රාණවත් නොවිණි.
ඇමති බැසිල් රාජපක්ෂ ,ඩලස් අලහප්පෙරුම ,සුසිල් ප්‍රේමජයන්ත යන ඇමතිවරුන් මෙයට සහභාගිවූ බවත් රතන හිමි විසින් සකස් කල යෝජනාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කල බවත් ඔහු අප කල විමසීමේදී සදහන් කලා.ඇත්ත වසන් කිරීමට කවුරු කටයුතු කලත් එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලං මෙන් රාජපක්ෂට එරෙහිවූවන්ට අත් වන ඉරණම සම්බන්ධයෙන් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී දැක බලා ගත හැකිය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live