Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඉකුත් ලෝක කුසලාන පන්දුවාර විස්‌සයි - 20 ක්‍රිකට්‌ තරගාවලිය ජය ගැනීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශය පොරොන්දුවූ හා අයි.සී.සී. යෙන් ක්‍රීඩකයන්ට ලබාදුන් මුදල් මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරට ජනපති කරවීමේ ඡන්ද වැඩට යෙදීමට සැලැසුම්කර ඇතැයි පැවසේ.

එම තරගාවලිය ජය ගැනීමෙන් පසුව විස්සයි - 20 ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට කෝටි තුනකට ආසන්න මුදලක් (රුපියල් ලක්ෂ 280ක පමණ මුදලක්) පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබිණි.
විස්සයි - 20 ලෝක ක්‍රිකට් ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජගත් ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල් ප්‍රමාණය තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් 15ක් අතරේ සමානුපාතිකව බෙදාදීමට පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය කියා සිටියේය.
විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් පමණ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග හා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය දූෂණ වසා ගැනීමට ජනපතිවරයාට අදාල අල්ලස ලබාදීමට සූදානම්ව සිටින බවද පැවසේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක වැඩ කටයුතු වෙනුවෙන් සකසන ලද ඇස්තමේන්තුව රුපියල් මිලියන 4,000ක් බවද මේ අතර වාර්තා වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live