රනිල් වික්‍රමසිංහගේ විපක්ෂ නායක කාර්යලය ප්‍රතිසංස්කරණය කිරීමට පවා රුපියල් කෝටි 5ක් වෙන්කර තිබෙන්නේ වත්මන් රජය බවත් එබැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පවා වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (10) වසර 33 කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 12 සුචරිත මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ ,
අද එක්සත් ජාතික පාක්ෂිකයින්ට තියෙන්නේ රටේ නායකත්වය වෙනස්කිරීමේ ප්‍රශ්නයක් නොව තම පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ ප්‍රශ්නයක්. රනිල් වික්රමසිංහත් සජිත් ප්‍රේමදාසත් සමගි බව පෙන්වීම සදහා එකම වේදිකාවක අත් අල්ලාගෙන සිටියට රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කර පක්ෂ නායකත්වය ලබාගැනීමේ සජිත් ප්‍රේමදාසගේ යටි අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ඔහු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා.
සජිත් ප්‍රේමදාස මේ රටේ නායකත්වයට එන්න හිතනවා නම් එය කොහොමද? ඔහුට කරන්න පුළුවන්.දැන් අපි හිතමු ජනාධිපතිවරණයක් එනවා කියලා. එයට රනිල් වික්‍රමසිංහ ඉල්ලලා රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළා කියල හිතමු. සජිත් ප්‍රේමදාසට යන කළ මොකද්ද? හොදයිද? සජිත් ප්‍රේමදාස මන්ත්‍රිතුමාට මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් ලැබෙන්න ඕනේ වෙන නායකත්වයක් ලබන්න.ඒක නොලැබී වෙන මොනවත් ලැබෙන්නේ නෑනේ. දැන් ඔහුට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලැබෙන්නේ කොහොමද? ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් පැරදුනොත් ඔහුට ඓතිහාසික 30වන පරාජය හිමිවෙනවා. රනිල් පැරදුනොත් එතුමාව පොට්ටනි කරළ ගඟේ මුහුදේ පාකරලා යවන්න සජිත්ට අවස්ථාවක් ලැබෙනවා.
හැබැයි වැරදිලාවත් ජයග්‍රහණය කළොත් සජිත්ට ලංකාවේ ඉන්නත් බැරිවෙනවා. බටලන්ද එහෙම අහලා තියෙනවනේ ඒවා නොදන්න කතා නෙවෙයිනේ.ඒ නිසා සජිත් අත අල්ලගෙන නෙවෙයි අත් දෙකම අල්ලගෙන ඉස්සුවට එතුමා දන්නවා රනිල් මහත්තයා කවදාවත් දිනන්නේ නැති බව. ඒ නිසා සමගිය සමගිය කිය කියා බය නැතිව ඉන්නවා. හැබැයි යන්තම් හරි හිතට බයක් දැනුනොත් මෙහෙම අත් අල්ලගෙන ඉදලා ලොක්කා කරුමෙට හරි දිනුවොත් ලෝක ලෙඩක් කියලා අනිවාර්යයෙන් අත බිමට දාගන්නවා.
අද එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට තියෙන්නේ රටේ නායකත්වය වෙනස් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි තමන්ගේ පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ ප්රශ්නයයි ඒ අයට තියෙන්නේ. පක්ෂයේ නායකත්වය වෙනස් කරගන්න බැරුව කොහොමද එක්සත් ජාතික පාක්ෂිකයින්ට හැකිවෙන්නේ රටේ නායකත්වය වෙනස්කරන්න. සාර්ථක 30වන පරාජය වෙනුවෙන් තමන්ගේ අපේක්ෂකයව නැවතත් කැඳවනවා. පැරණි පිතිකරු හැමවෙලේම හිට් විකට්. ඒ කියන්නේ බෝලේ දාන්න කලින් පිත්ත කඩුල්ලේ වද්දගන්නවා . පන්දු යවන්න විදිහක් නැහැ. ඒ නිසා අපි අහන්නේ රටේ නායකත්වය වෙනස්කරන්නේ කොහොමද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ නැතිව.
එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයාට දිනන්න බැහැ කියලා කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේම ඉන්න අය දැන් බලනවා හරියක් ගහල පුළුවන් කියලා පෙන්වන්න.හරි එකක් නෙවෙයි 100ක් ගැහුවත් එ අයට බැහැ.ලොක්ක පැරදුනොත් තමයි මට බලය ලැබෙන්නේ කියලා සජිත් ප්‍රේමදාස දන්නවා. ඒ නිසා ලොක්කා පරාජය වන ආකාරයට වැඩකරන්නේ කෙසේද? ඒ විදිහට වැඩකරන්න කල්පනා කරනවා. උඩින් ඔපේ යටින් හපේ. ඒ කියන්නේ එළියෙන් සමගිය යටින් ප්‍රහාරය. ඒ තමයි එතුමාගේ උපාක්රමය.හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ ඒ වගේ සමගියට තමයි.